මුල් පිටුව
පක්ෂයේ සමගිය එකමුතුකම ආරක්ෂා කිරීම වෙනුවෙන් රියන්සි අල්ගම දිවි දුන්නා - කරූ ජයසූරිය මුද්‍රණය කරන්න ඉ-තැපැල්
Wednesday, 28 July 2010
Image

එක්සත් ජාතික පක්ෂයේ සමගිය එකමුතුකම ආරක්ෂා කිරීම වෙනුවෙන් රියන්සි අල්ගම මහතා දිවිදුන් බව එක්සත් ජාතික පක්ෂයේ වැඩ බලන නායක දේශබන්දු කරු ජයසුරිය මහතා පැවැසීය





එවැනි පුද්ගලයකු සම්බන්ධව අසත්‍ය ප්‍රචාර ගෙන යමින් ඇතැම් මාධ්‍ය කටයුතු කිරීම තුළින් ඔහුට අපහාස කර ඇති බව හෙතෙම කීය


විපක්‌ෂ නායක කාර්යාලයේදී ඊයේ (27) දා පැවැති පුවත්පත් සාකච්ඡාවේදී මේ බව සඳහන් කළ කරු ජයසූරිය මහතා ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ තුළින් පක්‌ෂයේ බෙදීමක්‌ ඇතිවන බව පවසා සිරිකොත පක්‌ෂ මූලස්‌ථානය ඉදිරිපිටදී අල්ගම මහතා ගිනිතබාගෙන සිය දිවි නසාගත් බව කීය.


සිරුරට ගිනි තබාගැනීමට හේතුවූයේ එක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රතිසංවිධාන මගින් පක්‌ෂය බෙදීමකට ලක්‌ව තිබීම නිසා බව ගිනි තබාගත් රියන්සි මහතා රෝහලට ගෙන ගිය පොලිස්‌ නිලධාරීන් සමග පැහැදිලිවම ප්‍රකාශ කර තිබියදී ඇතැම් අයගේ පටු අරමුණු වෙනුවෙන් මාධ්‍ය ආයතන කිහිපයක්‌ කරුණු විකෘති කිරීම තමා ඇතුළු පක්‌ෂය තරයේ හෙළා දකින බව පැවැසීය


රියන්සි අල්ගම මහතා ඩඩ්ලි සේනානායක මහතාගේ කාලයේ සිට පක්‌ෂයට සම්බන්ධ වී පසු කාලීනව පක්‌ෂයෙන් ඉවත්ව වෙනත් පක්‌ෂවලට සම්බන්ධව සිට නැවත ඡේආර් ජයවර්ධන මහතාගේ පාලන සමයේ පක්‌ෂයට එක්‌වූ අවංක හා කාර්ය සූර පක්‌ෂ සාමාජිකයෙක්‌ බව ජයසූරිය මහතා සිහිපත් කළේය


පක්‌ෂයේ සිදුවන සෑම කටයුත්තකටම නිරතුරුවම සහභාගි වෙමින් ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බලමින් පක්‌ෂයේ සමගිය ඇතිකිරීමටත් ජයග්‍රහණය කරා ගෙන යැමටත් බොහෝ අවස්‌ථාවල ඔහු කැපවීමෙන් ක්‍රියාකළ බව ඒ මහතා කීය


එක්‌සත් ජාතික පක්‌ෂයේ සිදු වෙමින් පවතින ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළත් පක්‌ෂ නායකත්වය ඉවත් කිරීම තුළින් ඉදිරියේදී එ.ජා.ප. විනාශ විය හැකි බවට තද ස්‌ථාවරයකින් රියන්සි මහතා කටයුතු කළ බව පෙන්වා දුන් කරු ජයසූරිය මහතා ඔහු හැම විටම බලාපොරොත්තු වූයේ පක්‌ෂයේ සමගිය එකමුතුකම බව සඳහන් කළේය


ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ගොස්‌ ඔහුගේ සුවදුක්‌ සොයා බලමින් සිටි අවස්‌ථාවේ විනාඩි කිහිපයක්‌ ඔහු තමා සමග ඉතා අපහසුවෙන් කතා කළ බව සිහිපත් කළ ජයසූරිය මහතා එහිදීත් පක්‌ෂයේ එකමුතු තම සමගිය ඇතිකර පක්‌ෂය ආරක්‌ෂා කර ගත යුතු යෑයිද තමන්ගේ මේ ක්‍රියාව පක්‌ෂයේ එකමුතුකම ගොඩ නැඟීමට සියලු දෙනා ආදර්ශයක්‌ ගනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළ බව ජයසූරිය මහතා කීය



 
< පසුපසට   ඉදිරියට >

Image Image

 

Image
 
Image

සිංහල යුනිකේත සහාය

This web site uses Sinhala Unicode and you can download the unicode support from www.fonts.lk
Download Sinhala Unicode Support
Download Unicode Installation Guide (PDF)
Sinhala | English

ලියාපදිංචි වන්න






රහස් පදය අමතකද?
ගිණුමක් නොමැතිද? ලියාපදිංචිය

Syndicate

Image
 
Image
Image
Image