මුල් පිටුව
එජාපයේ එකමුතුකමට හා ඉදිරි ගමනට බාධා කරන ඕනෑම කෙනෙකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - තිස්‌ස අත්තනායක මුද්‍රණය කරන්න ඉ-තැපැල්
Wednesday, 21 July 2010
Image

එක්‌සත් ජාතික පක්‍ෂයේ එකමුතුකමට හා ඉදිරි ගමනට හානි වන ආකාරයට පක්‍ෂයේ යම් ක්‍රියාකාරිකයෙක්‌ තවදුරටත් කටයුතු කරනවා නම් එවැනි අයට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවැසීය.


 

පක්‍ෂයේ සියලු දෙනාගේම වගකීම හා යුතුකම විය යුත්තේ පාක්‌ෂිකයන් ආරක්‌ෂා කරමින් වත්මන් ආණ්‌ඩුව පෙරළා දමා ජනතාවාදී ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට පොදු අරමුණකින් කටයුතු කිරීම බවත්, පාක්‌ෂිකයන් නොමග යවමින් හන්දියක්‌ ගානේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් සිදුවන්නේ පොදු වැඩපිළිවෙල අවුල්වීම පමණක්‌ බවත් හෙතෙම පැවැසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (20 වැනිදා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කළ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා තවදුරටත් තැන තැන විවිධ ප්‍රකාශ නොකොට සාමූහිකව ආණ්‌ඩුව පෙරළා දැමීමේ ගමනට ශක්‌තිමත්ව ක්‍රියා කරන බවට කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේ දී සියලු සභිකයන් පෙරේදා (19) ප්‍රතිඥවක්‌ ලබාදුන් බව පැවැසීය.

කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී ලබාදෙන ලද ප්‍රතිඥාව කඩ නොකරමින් මින් ඉදිරියට සියලු දෙනාම එකමුතුව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඒ මහතා කීය.

එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීම අර්බුදකාරී ස්‌වභාවයක්‌ ගනු ඇතැයි ජනමාධ්‍ය වාර්තාකර තිබුණ ද පෙරේදා (19) පැවැති කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීම එවැනි අර්බුදකාරී ස්‌වභාවයකින් තොරව ඉතා සුහදශීලීව පැවැති බව අත්තනායක මහතා සඳහන් කළේය.

කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී පක්‍ෂයේ ප්‍රතිසංවිධාන යෝජනා සහ රජය සමඟ පැවැත්වෙන සාකච්ඡා පිළිබඳ වැඩි අවධානයක්‌ යොමු කළ අතර එහිදී වත්මන් පක්‍ෂ නායකත්වයේ වෙනසක්‌ ඇති කළ යුතු බවට යෝජනාවක්‌ හෝ මතයක්‌ ඉදිරිපත් නොවූ බව හෙතෙම කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද සය පුද්ගල කමිටුව ඉදිරිපත් කරන ලද ප්‍රතිසංවිධාන වාර්තාව කෘත්‍යාධිකාරී මණ්‌ඩලය ඒකමතිකව පිළිගනු ලැබූ අතර කරුණු කිහිපයක්‌ පිළිබඳව මීළඟ කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී ඊට සංශෝධන එක්‌කිරීමටද තීරණය කළ බව ඒ මහතා පැවැසීය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක, නියෝජ්‍ය නායක, සභාපති, උප නායක සහ ජාතික සංවිධායක යන තනතුරු සම්පූර්ණයෙන් පත්කර ගත යුතු බවට ප්‍රතිසංවිධාන කමිටුව යෝජනාවල ප්‍රධාන අංගයක්‌ වූ බවත් එම තනතුරුවලට යම් හෙයකින් එක්‌ පුද්ගලයකුට වඩා ඉදිරිපත්වී තරගකාරී තත්ත්වයක්‌ මතුවුවවොත් ඒ සඳහා කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායමේ රහස්‌ ඡන්දයක්‌ පවත්වා සුදුස්‌සා තෝරාගත යුතු බවත් හෙතෙම කීය.

මෙතෙක්‌ 87 වූ කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජික සංඛ්‍යාව 92 ක්‌ දක්‌වා වැඩිකිරීමටත් පක්‍ෂයේ විවිධ පත්වීම් සිදු කිරීම සඳහා නායක, නියෝජ්‍ය නායක, සභාපති, ජාතික සංවිධායක, උපනායක සහ මහ ලේකම් යන තනතුරු දරන්නන්ගෙන් යුත් උපදේශක කමිටුවක්‌ පත්කිරීමටද යෝජනා වී තිබෙන බව ඒ මහතා කීය.

පක්‍ෂයේ ප්‍රධාන නිලධාරීන් හය දෙනා සහ පළාතකින් එක්‌ නියෝජිතයකු බැගින් වූ 15 දෙනෙකුගෙන් සමන්විත වන පරිදි දේශපාලන මණ්‌ඩලයක්‌ පිහිටුවීමටද ප්‍රතිසංවිධාන කමිටු යෝජනා අතර ප්‍රධාන තැනක්‌ ගන්නා බව ඒ මහතා කීය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ විනය කටයුතු පවත්වාගෙන යැම සඳහා විනය කමිටුවක්‌ පත්කිරීමටද ප්‍රතිසංවිධාන වාර්තාව මගින් යෝජනා කර ඇත.

ප්‍රතිසංවිධාන වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති ඇතැම් යෝජනා සම්බන්ධව සාකච්ඡාකොට ඒවාට අවශ්‍ය සංශෝධන ලබන කෘත්‍යාධිකාරී මණ්‌aඩල රැස්‌වීමේදී ලබාගැනීමෙන් පසු එම වාර්තාව ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සඳහා සම්මේලනයේ අනුමැතියට ඉන්දියාවේ කෙරෙන බව අත්තනායක මහතා අනාවරණය කළේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව මේ වනවිට සිය පක්‍ෂය ආණ්‌ඩුව සමඟ සාකච්ඡාවලට සහභාගි වුවද විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කිරීම, ජනතාවට සහන ලබාගැනීම, පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවක වැටුප් 2500 ඉහළ දැමීම, බඩුමිල අඩුකිරීම, සිරගතකොට සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා වහා නිදහස්‌ කිරීම යන ඉල්ලීම් මුල්කරගෙන ආණ්‌ඩුවට එරෙහිව රටපුරා උද්ඝෝෂණ 135 සංවිධානය කළ බවත් එම ඉල්ලීම් ඉටුවන තෙක්‌ ඒ ව්‍යාපාරය අඛණ්‌ඩව ඉදිරියට ගෙන යන බවත් හෙතෙම කීය.

ආණ්‌ඩුව සමඟ සාකච්ඡා පැවැත්වෙද්දී මෙලෙස උද්ඝෝෂණ කිරීම පළක්‌ ඇති කාරණයක්‌ නොවන බව ඇතැම් අය විමසා සිටින බව පවසන අත්තනායක මහතා එක්‌සත් ජාතික පක්‍ෂය ආණ්‌ඩුව සමඟ සාකච්ඡාවලට සහභාගිවන්නේa පුද්ගලික අරමුණු ඉටුකර ගැනීමට නොව රටේ ජනතාවගේ අභිලාශයන් ඉටුකර දීමට බව පැවැසීය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමැතිවරු ගුවන් මාර්ගයෙන් කිලිනොච්චි හෝ ඇඹිලිපිටියට හෝ එසේත් නැත්නම් රටේ වෙනත් පළාතකට ගොස්‌ කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම පැවැත්වීමෙන් ජනතා ප්‍රශ්න විසඳීමක්‌ සිදු නොවන බවත් එමගින් සිදුවන්නේ ඒ සඳහා වැයවන අධික වියදම් ජනතාව බුක්‌ති විඳින පාන් ගෙඩියෙන්, කිරි පැකට්‌ටුවෙන් හෝ වෙනත් මිලදී ගන්නා භාණ්‌ඩවලින් අයකර ගැනීම පමණක්‌ බව පැවැසීය.

 
< පසුපසට   ඉදිරියට >

Image Image

 

Image
 
Image

සිංහල යුනිකේත සහාය

This web site uses Sinhala Unicode and you can download the unicode support from www.fonts.lk
Download Sinhala Unicode Support
Download Unicode Installation Guide (PDF)
Sinhala | English

ලියාපදිංචි වන්න






රහස් පදය අමතකද?
ගිණුමක් නොමැතිද? ලියාපදිංචිය

Syndicate

Image
 
Image
Image
Image