|
එ.ජා. මහ ලේකම් එම සංවිධානයේ ව්‍යවස්‌ථාව සම්පූර්ණයෙන් කඩ කරලා - සජිත් ප්‍රේමදාස |
|
|
|
Thursday, 15 July 2010 |
 එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් ශ්‍රී ලංකාව පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා කමිටුවක් පත්කිරීම තුළින් ඔහු එම සංවිධානයේ ව්‍යවස්‌ථාව සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කර ඇති බව එක්‌සත් ජාතික පක්‍ෂයේ සහකාර ලේකම් සහ හම්බන්තොට දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (14 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නය සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමට එක්‌සත් ජාතිSන්ගේ සංවිධානයේ ආරක්‍ෂක මණ්‌ඩලයේ කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැති බව හෙතෙම පෙන්වා දුන්නේය. කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (14 දා) පැවැති විශේෂ පුවත්පත් සාකච්ඡාවකදී මේ බව අනාවරණය කළ සජිත් ප්‍රේමදාස මහතා රටක අභ්‍යන්තර ප්‍රශ්නයක් සම්බන්ධව කමිටුවක් පත් කිරීමට හෝ ඒ සම්බන්ධව වෙනයම් ක්‍රියාමාර්ගයක් ගැනීමට තනි අභිමතය පරිදි එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාට කිසිදු අයිතියක් නැති බව පැවසීය.
එක්‌සත් ජාතීන්ගේ සංවිධාන ව්‍යවස්‌ථාවේ දෙවැනි පරිච්ඡේදයේ 2.7 වගන්තිය දෙස අවධානය යොමු කර බැලීමේදී එම සංවිධානයට කිසිම හේතුවක් නිසාවත් රටක අභ්‍යන්තර ප්‍රශ්නයකට ඇඟිලි ගැසිය නොහැකි බව පෙන්වා දෙන ඒ මහතා එම වගන්තිය අභිබවා යා හැක්‌කේ එම ව්‍යවස්‌ථාවේම 7 වැනි වගන්තියෙන් පෙන්නුqම් කොට තිබෙන පරිදි එම සංවිධානයේ ආරක්‍ෂක මණ්‌ඩලයට පමණක් බව ද අවධාරණය කළේය.
කෙසේ වුවත් මෙලෙස ජාත්‍යන්තර රටවලට හෝ සංවිධානවලට රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට අත පෙවීමට හැකි වී තිබෙන්නේ ආණ්‌ඩුව ජනතාවගේ සිවිල්, දේශපාලන, ආර්ථික සහ සමාජයීය අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් රටේ ව්‍යවස්‌ථාව කඩ කිරීමට ක්‍රියා කර තිබෙන බැවින් බව හෙතෙම පෙන්වා දුන්නේය.
මේ තත්ත්වය නිසාම ශ්‍රී ලංකාවට මේ වනවිට ජී. එස්. පී. ප්ලස් සහනය ද අහිමි වී ඇති බව සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් පැවසීය. |