මුල් පිටුව
එජා කාර්යාලය ඉදිරිපිට රඟදැක්‌වූ නාට්‍යයේ අධ්‍යක්‍ෂණයත්, රංගනයත් එකම අයකුගේ - ගයන්ත කරුණාතිලක මුද්‍රණය කරන්න ඉ-තැපැල්
Wednesday, 14 July 2010
Image

එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට රඟ දක්‌වන ලද නාට්‍යයේ අධ්‍යක්‍ෂණයත්, රංගනයත් සිදුකළේ එකම පුද්ගලයකු බවත් අවසානයේ එම නාට්‍යයේ නිෂ්පාදකයා ලබාදුන් වතුර වීදුරුවෙන් පසු කිසිම විසඳුමකින් තොරව එම හාස්‍යජනක නාට්‍යය අවසන් වූ බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

 

රජය 2010 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අය-වැය ලේඛනයෙන් සහන ලබා නොදීම සම්බන්ධයෙන් ආණ්‌ඩුවට එරෙහිව මතුවන ජනතා විරෝධය යටපත් කිරීම සඳහා විමල් වීරවංශ වැනි විකට නළුවන් යොදා ගනිමින් එක්‌සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය ඉදිරිපිට පසුගිය දින කිහිපය තුළ විකට රංගනයක්‌ ප්‍රදර්ශනය කළ බවද කරුණාතිලක මහතා පැවැසීය.

වීරවංශ මහතා යොදාගෙන රඟ දැක්‌වූ මෙම විකට රංගනයෙන් ජනතාවට හෝ රටට කිසිදු සහනයක්‌ නොලැබෙන බවත් ඉන් සිදුවූයේ රටට අපකීර්තියක්‌ ගෙනදීම පමණක්‌ බවත් හෙතෙම කීය.

විපක්‍ෂ නායක කාර්යාලයේදී පසුගිය දා (11) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කළ කරුණාතිලක මහතා මෙවැනි විකට නාටක තවදුරටත් රඟදැක්‌වීම නවතා ආණ්‌ඩුව වහාම රාජ්‍යතාන්ත්‍රිකව ක්‍රියකොට රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට ක්‍රියා කළ යුතුව ඇති බව පෙන්වා දුන්නේය.

ආණ්‌ඩුව තවදුරටත් රාජ්‍ය තාන්ත්‍රිකව ක්‍රියා නොකොට මෙවැනි පුහු විකට රංගන රඟ දැක්‌වීමෙන් සිදුවන්නේ රටට විනාශයක්‌ අත්වීම පමණක්‌ බවත් ඊට වන්දි ගෙවීමට සිදුවන්නේ අහිංසක ජනතාවට බවත් අවධාරණය කළේය.

අප රජයෙන් තවදුරටත් ඉල්ලා සිටින්නේ මෙවැනි විකට නළුවන් යොදා ගෙන නාට්‍ය රඟ දැක්‌වීමට ක්‍රියා නොකොට සියඹලා අණ්‌ඩු සංකල්පයෙන් මිදී යහපාලනයක්‌ ඇති රාජ්‍ය තාන්ත්‍රිකව ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙසයි.

 
< පසුපසට   ඉදිරියට >

Image Image

 

Image
 
Image

සිංහල යුනිකේත සහාය

This web site uses Sinhala Unicode and you can download the unicode support from www.fonts.lk
Download Sinhala Unicode Support
Download Unicode Installation Guide (PDF)
Sinhala | English

ලියාපදිංචි වන්න






රහස් පදය අමතකද?
ගිණුමක් නොමැතිද? ලියාපදිංචිය

Syndicate

Image
 
Image
Image
Image