|
රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මාර්ගයෙන් මිස එ.ජා. සංවිධාන කාර්යාලය වටකොට ගෙන දෙවොල් නැටීමෙන් ප්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකියි - කරු ජයසූරිය |
|
|
|
Friday, 09 July 2010 |
 එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇති වී තිබෙන ප්‍රශ්නය රාජ්‍ය තාන්ත්‍රිකව සාකච්ඡා මාර්ගයෙන් විස¹ ගැනීම වෙනුවට එම සංවිධානයේ කාර්යාලය වට කරමින් එහි දෙවොල් නැටීමෙන් ප්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකි බවත් එමගින් සිදුවන්නේ රට අපකීර්තියට පත්වී තවත් ප්‍රශ්න ඇතිවීම පමණක් බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා පැවසීය.
කොළඹ මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (08 දා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කළ කරු ජයසූරිය මහතා මෙසේද කීය.
ජී.එස්.පී. ප්ලස් සහනය අහිමිවීම සහ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය වැටලීමත් සමග උද්ගතවී ඇති තත්ත්වය නිදහසින් පසුව ඇති වූ ත්‍රස්‌තවාදය අවසන්වීමෙන් අනතුරුව රට මුහුණදී සිටින ප්‍රධානතම ප්‍රශ්න දෙක බවට පත්ව තිබෙනවා.
ජී.එස්.පී. ප්ලස් බදු සහනය රටට අහිමිවීම ගැන අප පුන පුනා කතා කරන්නේ ඒ හේතුවෙන් අනාගතයේ ඇතිවන අනිටු ප්‍රතිවිපාක සහ ජනතාව මුහුණ දෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය අප දන්නා නිසයි.
ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමිවීමෙන් රටට රුපියල් කෝටි 57,000 ක පාඩුවක් සිදුවන බව අපනයනකරුවන්ගේ සංගමයේ ප්‍රධානියා "සන්ඩේ ටයිම්ස්" පුවත්පතට සඳහන් කර තිබුණා.
ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමිවීම හේතුවෙන් පීඩාවට පත්වන්නේ ධනපති පන්තිය නොව අහිංසක කම්කරුවන් බව කිවයුතුයි. මේ තත්ත්වය යටතේ රට පුරා කර්මාන්ත ශාලා වැසී යැම හේතුවෙන් ඇඟලුම් ක්‍ෂේත්‍රයේ සේවක සේවිකාවන් අති විශාල පිරිසක් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.
කෙසේ නමුත් මේ බදු සහනය අහිමිවීම ප්‍රශ්නයක් නැතැයි කියන රජය ඇඟලුම් කර්මාන්තය වෙනුවෙන් සහන සලසනවා යෑයි කියා සිටිනවා.
යුරෝපා සංගමයේ රටවල් 25 ක් අපට ලබාදුන් ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වූයේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය සහ සාමය සපිරි යහ පාලනයක් රටේ නොමැති නිසා බව පැහැදිලිව කිවයුතුව තිබෙනවා.
මේ බදු සහනය අපට සලසමින් යුරෝපා සංගමය 17 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව පිහිටුවා ස්‌වාධීන කොමිෂන් සභා සක්‍රීය කරමින් යහ පාලනයක් රටේ ඇති කරන්නැයි ඉල්ලා සිටියත් මෙතෙක් ඒ කිසිවක් සිදුවී නැහැ.
17 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවට එදා ඉදිරිපත් කෙරුණු අවස්‌ථාවේදී වත්මන් ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් කථානායකවරයාත් ඇතුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ම ඊට අනුමැතිය පළ කළා.
රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ කොටසක් වන 17 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක කරමින් යහ පාලනයක් ඇති කිරීම, විදේශ රටක සපත්තු ලෙව කෑමක් හෝ විදේශයට අපේ ස්‌වෛරීභාවය සහ ස්‌වාධීනත්වය පාවාදීමක් වන්නේ කෙසේද?
අපේ මව්බිමට ආදරය සහ ගෞරව කරන පුද්ගලයන් වශයෙන් අප කිසිදු අවස්‌ථාවකදී අපේ රටේ ස්‌වෛරීභාවය, ස්‌වාධීනත්වය සහ ගෞරවය කිසිදු පාර්ශ්වයකට කිසිසේත් පාවා නොදෙන බව අවධාරණයෙන් යුතුව කියනවා.
දේශප්‍රේමී බෝඩ් ලෑල්ල එල්ලාගෙන නොසිටියාට අප සැබෑ දේශප්‍රේමීන් බවත්, ඒ දේශප්‍රේමීත්වය අපේ හදවතේ සහ රුධිරයේ තිබෙන බවත් කිව යුතුයි.
ඒ අනුව මේ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කොට යුරෝපා සංගමය සමග සාකච්ඡා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ක්‍රියා කරන්නැයි රජයට අප බල කර සිටිනවා.
එසේ නොමැතිව රස්‌තියාදුකාරයන් ලෙස චණ්‌ඩි පාට් දමමින් යුරෝපා සංගමයට සිංහලෙන් බැන වැදී අනතුරුව ඒ සංගමය සමග සාකච්ඡා කිරීමට දූත පිරිස් යෑවීමේ ප්‍රතිඵලයක් ඇත්තේ නැහැ.
ශ්‍රී ලංකාවත් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයත් අතර මේ වන විට යම්කිසි මතගැටුමක් ඇති වී තිබෙන බව පැහැදිලියි. විවිධ මත ගැටුම් ඇතිවීම ස්‌වාභාවික තත්ත්වයක් වන අතර ඒ ප්‍රශ්න විස¹ගත යුත්තේ ඉතාම දූරදර්ශීව ක්‍රියා කරමින් රාජ්‍ය තාන්ත්‍රික ලෙසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර යුද අධිකරණ ගිවිසුමට එදා අත්සන් කිරීම ප්‍රතික්‍ෂේප කළ නිසා අපේ රටේ කිසිදු රණවිරුවකු යුද අධිකරණයක් හමුවට පමුණුවාලීමේ හැකියාවක් ඇත්තේ නැහැ.
ලෝකයේ ධනවාදී රටවල්, සමාජවාදී රටවල් සහ කොමියුනිස්‌ට්‌වාදී රටවල් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන අතර එA සෑම රටකම එA සංගමයේ කාර්යාල පිහිටුවා තිබෙනවා.
එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් රටක් ලෙස අප එකඟ නොවන්නේ නම් කළ යුත්තේ රාජ්‍ය තාන්ත්‍රික මට්‌ටමින් දූරදර්ශීව සහ වැදගත් ලෙස සාකච්ඡා කොට ඒ ප්‍රශ්න විස¹ ගැනීමයි.
එසේ නොමැතිව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරමින් බලි ඇරීමෙන් ලෝකයට රටක් ලෙස අප දෙන පණිවුඩය කුමක්‌ද? එක්‌සත් ජාතීන්ගේ සංවිධානය යනු එහි මහලේකම් බෑන් කී මූන්ගේ පුද්ගලික දේපළක් නොවෙයි. ඒ සංගමය තීන්දු තීරණ ගන්නේ ඉතාම විධිමත් නිවැරැදි සහ පුළුල් ක්‍රමයකට අනුවයි.
එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය මේ තත්ත්වය යටතේ දැනටමත් වසා දැමීමට සිදුවීම අවාසනාවන්ත තත්ත්වයක් බව කිවයුතුයි.
එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට ඇති වූ සිද්ධියත්, නීතිය සහ සාමය ආරක්‍ෂා කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ට දේශපාලන බලපෑම් මත සිදුවූ හිරිහැර සහ කරදර අප දුටුවා.
රජයේ වගකිවයුතු ප්‍රධාන අමාත්‍යවරයකු මේ සිද්ධියට සම්බන්ධවෙමින් රටට ජනතාවට සහ ලෝකයට දුන් පණිවුඩය කුමක්‌ද? නීතිය සහ සාමය ආරක්‍ෂා කිරීමට ඒ ස්‌ථානයට පැමිණි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ හිස් වැසුම මේ අය ගලවනවා අප දුටුවා.
ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් පළ කිරීමට සහ විරුද්ධ මත ප්‍රකාශ කිරීමට තිබෙන අයිතියට යටත්ව මේ උද්ඝෝෂණයට ඉඩ දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කෙරුණු විශේෂ නිවේදනයේ සඳහන් වී තිබුණා.
කෙසේ නමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ස්‌වාමීන් වහන්සේ කොළඹදී උද්ඝෝෂණය කරද්දී ඒ අවස්‌ථාව ඒ අයට නොදී ඒ අය ඒ ස්‌ථානයෙන් පලවා හැරියා අප දුටුවා.
එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත යූ.එන්.ඩී.පී. - යූ.එන්.අයි.සී. - යූ.එන්.එෆ්.පී.ඒ. - එෆ්.ඒ.ඕ. - ඩබ්.එෆ්.පී. - යුනිසෙෆ් - ඩබ්ලිව්.එච්.ඕ. - යූ.එන්.එස්.සී.ආර්. - අයි.එල්.ඕ. - සසෙක්‌ස් + අයි.එම්.එෆ්. - ලෝක බැංකුව ආදී ආයතන ගණනාවක් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආධාර කරමින් උදව් උපකාර කරනවා.
එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන මේ ආයතන වසා දැමුවහොත් අපට විශාල අර්බුද ගණනාවකට මුහුණදීමට සිදු වනවා.
ඒ අනුව ලෝකය හමුවේ ශ්‍රී ලංකාව විහිළුවක් බවට පත් නොකර ඉතාම දූරදර්ශීව, වගකීමකින් යුතුව සහ වැදගත් ලෙස මේ ප්‍රශ්නයට රාජ්‍ය තාන්ත්‍රිකව පිළිතුරු සොයන්නැයි රජයට අප බල කරනවා.
සැබෑ ජාත්‍යාලයක් සහ දේශප්‍රේමීත්වයක් තිබෙනවා නම් මෙබඳු අවස්‌ථාවන්හි ක්‍රියා කළ යුත්තේ ඉතාම බුද්ධිමත්ව සහ සංයමයකින් යුතුවයි.
එහිදී ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ ඊට එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා දුන් පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය - විමල් වීරවංශ ඇමැතිතුමා ඇමතුමක් ගෙන ඒ ඇමතුම අදාළ පොලිස් නිලධාරීන්ට දුන්නට පසුව ඒ නිලධාරීන් පසුබැසීමෙන් හෙළිවන්නේ එක්‌සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට ඇති වූ සිද්ධිය පිටුපස ආණ්‌ඩුව සිටින බව නේද?
පිළිතුර - ඔබ කියන ඒ සිද්ධිය දුටු ඕනෑම අයකුට මේ සිද්ධිය පිටුපස ආණ්‌ඩුව සිටිනවාය යන සැකය ඇතිවීම වැළැක්‌විය නොහැකියි. ඇත්ත වශයෙන්ම එවැනි සැකයක් ඇති වනවා... ඒ අනුව ඒ පිළිබඳව රජය පැහැදිලි කිරීමක් කළ යුතුයි. |