|
අලාභය රු. කෝටියකට අධිකයි - රංගේ බණ්‌ඩාරගේ නිවස මුළුමනින්ම ගිනිගෙන විනාශ වේ |
|
|
|
Tuesday, 06 October 2009 |
 එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පුත්තලම දිස්‌ත්‍රික් ප්‍රධාන සංවිධායක පාලිත රංගේ බණ්‌ඩාර මහතාට අයත් මාදම්පේ එගොඩගම ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවස පෙරේදා (04 වැනිදා) රාත්‍රි ගිනි ගැනීම නිසා එම නිවස මුළුමනින්ම විනාශයට පත්වී ඇත.
රංගේ බණ්‌ඩාර මහතා විසින් එක්‌සත් ජාතික පක්‍ෂ පුත්තලම දිස්‌ත්‍රික් ප්‍රධාන පක්‍ෂ කාර්යාලය ද මෙම නිවසේ පවත්වාගෙන ගිය අතර ගින්නෙන් එම කාර්යාලය ද සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
මෙම නිවස සහ කාර්යාලය ගිනිගෙන විනාශයට පත්වීමෙන් රුපියල් අසූලක්‍ෂයක පමණ අලාභයක් සිදුවී ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
මෙම ගින්න සිදුවූ ස්‌ථානයේ වැටී තිබී ඉන්ධන රැගෙන ආ බවට සැකකරන ප්ලාස්‌ටික් කෑන් එකක්‌ද පොලිසිය සොයාගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්‌ඩාර මහතා මෙසේ පැවසීය.
"මාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් දිගින් දිගටම ක්‍රියාත්මක වනවා. මට වෙඩි තිබ්බා. බෝම්බ ගැහුවා. ජීවිතය නැති කිරීමට බැරි තැන මගේ දේපළ විනාශ කළා. ආණමඩුවේ හා මාදම්පේ මගේ කාර්යාල ගිනි තබා විනාශ කළා. වෑන් රථ, පෞද්ගලික ව්‍යාපාර ස්‌ථාන ගිනි තබා විනාශ කළා. ප්‍රජාතන්ත්‍රවාදී රටක, කතා කිරීමේ අයිතියේ නිදහසට ලැබෙන ප්‍රතිඵලයද මේ? සොරකමට, දූෂණයට විරුද්ධව හඬගෑමේ ප්‍රතිඵලය මෙය නම් රටේ ජනතාව සැමදා බියෙන් ගොළු වී සිටීවි. ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය එළැඹිලා...
මෙම ගින්න නිසා එම කාර්යාලය සහමුලින්ම පාහේ විනාශ වී තිබිණි. කාර්යාලයේ තිබූ පරිගණක හා ඩුප්ලෝ යන්ත්‍ර සියල්ල විනාශ වෙලා
මෙදින මා සිටියේ මාතර දිස්‌ත්‍රිකකයේ ඡන්ද කටයුතු සඳහා සහභාගි වෙමිනි. මෙම සිද්ධිය සැළවී මා මෙහි පැමිණියා. අංග සම්පූර්ණ ලෙස ඉදිකොට තිබූ මගේ කාර්යාලය ගිනි ඇවිළෙමින් තිබුණා. පරිගණක හතරක්, ඩුප්ලෝ යන්ත්‍රයක්, වායු සමීකරණ යන්ත්‍ර, ෆැක්‌ස්, දුරකථන, ස්‌කැනර්, හා තවත් විද්යුත් උපකරණ ද, පුටු හා නිවසේ බඩු භාණ්‌ඩ ද නිවස ද සම්පූර්ණයෙන් විනාශ වී තිබුණා. ලක්‍ෂ සියය ඉක්‌මවන අලාභයක් සිදු වී තිබෙනවා.
මා පොලිස්‌පතිවරයාගෙන් දිගින් දිගටම ආරක්‍ෂාව ඉල්ලුවා. අන්තර ජාතික පාර්ලිමේන්තු සංගමය පොලිස්‌පතිවරයාට මේ ගැන දැනුම් දී තිබෙනවා. ජීනීවා මානව කොමිසමට දැනුම් දී තිබෙනවා. ඒත් අප තවම අනාරක්‍ෂිතයි.
|