Thursday October 2, 2014
News Feeds:
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීැ පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් නිකුත් කළ මාධ්යී නිවේදනය. PDF Print E-mail
නීතිය හා සාමය සුරක්ෂිත කිරිමේ වගකීම පැවරී ඇති ශ්රීය ලංකා පොලිස් දෙපාර්තිමේන්තුව මේ මොහොතේ පත්ව සිටින ඛේදනීය තත්ත්වය අතිශයින්ම කණගාටුදායකය. වසර 148 ක දීර්ඝ ඉතිහාසයක් සහිත ශ්රීි ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මෙතරම් ජරාජීර්ණ වූ වෙනත් යුගයක් නොමැති තරමට එම තත්ත්වය වර්ධනය වී ඇත. විශේෂයෙන් ම දේශපාලන බලය නිසාවෙන් දෑස් අන්ධ වී ඇති ඇතැම් පොලිස් නිළධාරීන් විසින් සිදු කරන්නා වූ අශෝභන ක්රිවයා පිළිබඳව දිගින් දිගටම පෙන්වා දිමට සිදු වීම නීරස සිදුවීමක් බවට මේ වන විට පත්ව තිබේ. 
පොලිසියේ මේ අතාර්කික භාවයට ප්රවධාන හේතුව එය දේශපාලනීකරණය වී තිබීම බව සුපැහැදිලිය. දෙපාර්තමේන්තුවක් ලෙස පොලිසියේ ස්වාධීනතාවය ආරක්ෂා කළ ඊට වටිනාකමක්, ගෞරවයක් ලබා දුන් 17 වෙනි ආණ්ඩුක්රයම ව්යේවස්ථා සංශෝධනය එක් රැයකින් අහෝසි කිරීම තුල පිට කොදු බිඳ ගත් ආයතනයක් බවට අද එය පත් ව තිබීම කණගාටුදායකය. පොලිසිය ආයතනයක් ලෙස කෙතරම් දේශපාලනීකරණය වී ඇත් ද කියතොත් වර්තමානයේ එය ශ්රීක ලංකා නිදහස් පක්ෂයේ තවත් එක් අනුබද්ධ සංවිධානයක් නොඑසේ නම් ශාඛා සමිතියක් බවට පත්ව තිබේ. ජනතා බදු මුදලින් නඩත්තු වන ආයතනයකට එසේ කටයුතු කළ හැකි ද යන්න පැහැදිලි ප්රවශ්නාර්ථයක්ම ය.
පොලිසියේ එම නොහැකියාව දැන් පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණය තුල දී ද මනාව දැක ගත හැකිය. දිගින් දිගට ම පිම්මේ වර්ධනය වෙමින් පවතින ප්රැචණ්ඩ ක්රි යා මැඩලීමට හා පාලනය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව ගන්නා ක්රිමයාමාර්ග පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි තරම්ය. රටේ එක් පළාතක පවත්වන මැතිවරණයක දී හෝ ප්රඳචණ්ඩ ක්රිහයා පාලනය කිරීමට පොලිසියට හැකියාවක් නොමැති නම් ඉදිරි ජාතික මැතිවරණයක දී එවැන්නක් සම්බන්ධයෙන් සුළු හෝ බලාපොරොත්තුවක් තබා ගත හැකි ද? මැතිවරණ නීතිය කඩ කරන්නේ දැයි සුපරීක්ෂාවෙන් සිට ඊට අදාළ ක්රිතයාමාර්ග ගැනීම පොලිසියට අයත් කාර්යයක් වනමුත් පොලිසිය නොකරන්නේ ද එයම ය. 
ඌව පළාත තුල දී පොලිසිය රාජකාරි කටයුතු කරමින් සිටිනුයේ පැහැදිලිවම ඒකපාර්ශවීය ආකාරයට ය. රජයට හිතවත් මැරයන් ට ඕනෑම දෙයක් කිරීමට නිදහස ලබා දී පසෙකට වී බලා සීටිම තමන්ගේ වගකීම සේ පොලිසිය විශ්වාස කරන බවක් පෙනී යයි. ආණ්ඩුවට වැඩි වැඩියෙන් සහාය දැක්වීම තුල නොඑසේ නම් වැඩි වැඩියෙන් “කඩේ යෑම” තුල තම පෞද්ගලික සිතැගියාවන් ඉටු කර ගැනීම මේ වන විට පොලිසියේ ඇතැම් උසස් නිළධාරීන්ගේ එකම අභිප්රානය වී ඇත. දක්ෂතාව, හැකියාව ඇති නීතිය සාධාරණව ක්රි යාත්මක කරන පොලිස් නිළධාරීන්ට කිසිදු තැනක් අද එහි නොමැති අතර, එවැන්නන් නිරතුරුවම පොලිසියට “ආයුබෝවන්” කියන ආකාරයක් දැක ගත හැකිය. මාධ්යා වාර්තා කර තිබූ ආකාරයට එහි නවතම ප්රසකාශනය වී ඇත්තේ කුප්රිකට අලුත්ගම සිදුවීමේ දී නීතිය සාධාරණව බලාත්මක කිරීමට උත්සාහ කළ නියෝජ්යව පොලිස්පති වී.ඉන්ද්රීන් මහතා ය. අලුත්ගම සිදුවීමේ දී නිවැරදිව රාජකාරී කිරීමට උත්සාහ කළ ඉන්ද්රවන් මහතාව නිහඩ කිරීමට පැහැදිලි හස්තයක් ඉන් පසු ක්රිඅයාත්මක වූ අතර, ඒ නිසා ඇති වූ සිත් කළකිරීම කෙතරම් ද කියතොත් දක්ෂ අවංක නිළධාරියෙකු පොලිසිය හැර යන තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී තිබේ. කලකට පෙර ඇඹිලිපිටිය ප්රිදේශයේ රජයට සම්බන්ධ මැර ප්රාමදේශිය දේශපාලඥයෙකුට එරෙහිව නීතිය නිසි ලෙස ක්රි්යාත්මක කළ ජ්යෙමෂ්ඨ පොලිස් අධිකාරී ප්රිිශාන්ත ජයකොඩි මහතාට මුහුණ පෑමට සිදු වූයේ ද එබදු ම වූ අවාසනාවන්ත ඉරණමකට ය. පොලිසියේ රාජකාරියට ආයුබෝවන් කී ඒ මහතා අද ඕස්ට්රේපලියාවේ දේශපාලන රැකවරණ ලබමින් සිටී. දක්ෂිණ අධීවේගී මාර්ගයේ දී මාර්ග නීති උල්ලංගනය කළ නියෝජ්යන අමාත්යි හේමාල් ගුණසේකරට එරෙහිව නීතිය ක්රිරයාත්මක කළ පොලිස් කොස්තාපල් සුමින්ද සමන් ට අත් වූයේ ද එවැනි ම වු ඉරණමකි. මේ ආකාරයට මෑත කාලයේ ගිලටීනයට හසු වූ පොලිස් නිළධාරීන් පිළිබඳ ලැයිස්තුවක් සැකසුවහොත් අනිවාර්යයෙන්ම එය දීර්ඝ එකක් වනවාට කිසිදු සැකයක් නොමැත. 
සුදුස්සාට, දක්ෂයන්ට පොලිස් දෙපාර්තමේන්තුව තුල කිසිදු තැනක් නොමැති වූවත් දේශපාලන හෙන්චයියන් නම් අද ඒ තුල පිණුම් ගසමින් සිටිති. ඒ ලැයිස්තුවේ ඉහළින්ම සිටිනුයේ බස්නාහිර පළාත භාර ජ්යෙඅෂ්ඨ නියෝජ්ය් පොලිස්පති අනුර සේනානායක ය. ඔහු සම්බන්ධයෙන් පාලකයන් කෙතරම් කෘතවේදි වී ඇත් ද කියතොත් පසුගිය අවුරුදු තුන තුල තෙවතාවක් සේවා දිගු ලබා ගැනීමට තරම් ඔහු වාසනාවන්ත වී තිබේ. විශ්රානම යා යුතු වයස සම්පූර්ණ වූ පසු මෙතරම් සේවා දිගු සංඛ්යා වක් හිමි කර ගත් එකම වාසනාවන්තයා අනුර සේනානායක ය. 
ජ්යෙයෂ්ඨ නියෝජ්ය පොලිස්පති අනුර සේනානායක යනු දේශපාලන පොලිස් නිළධාරියෙකු බව පසුගිය දා ප්රිසිද්ධ අධිකරණයක් ඉදිරියේ ඔහු කළ ප්රේකාශයකින් මනාව ඔප්පු විය. මැතිවරණයකට ඉදිරිපත්වුවහොත් මනාප ඡන්ද තුන් ලක්ෂයකට අධික සංඛ්යාළවක් තමනට ලබා ගත හැකි බව සේනානායක එහිදී පැවසුවේ කිසිදු ලජ්ජාවකින් තොරව ය. දේශපාලන බලය නිසාවෙන් ඔහු කෙතරම් මත් වී ඇත් ද යන්න පෙන්වීමට ඊටත් වඩා තවත් සාක්ෂි අවශ්යි නොමැති තරම් ය. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා තම ධුරයේ සිටිමින් දේශපාලනය කළ බවට චෝදනා එල්ල කළ, උස් හඩින් කෑ ගැසු පුද්ගලයින් දේශපාලනික වටිනාකමක් සහිත අනුර සේනානායකගේ එම ප්රරකාශය පිලිබදව නිහඩව සිටීම සම්බන්ධයෙන් අප පුදුම නොවිය යුත්තේ ජ්යෙ ෂ්ඨ නියෝජ්යන පොලිස්පතිවරයා ඉටු කරමින් සිටිනුයේ ඔවුන්ගේ අවශ්යටතාව වන බැවිනි. මෙම ආන්දෝලනාත්මක ජ්යෙීෂ්ඨ නියෝජ්යට පොලිස්පතිවරයාගේ සැක කටයුතු ව්යාැපාරික ගණුදෙනු හා පුද්ගල සම්බන්ධතා පිළිබදව මෑත කාලයේ දී විකල්ප දහරාවේ මාධ්යැ අවස්ථා කිහිපයක දී අනාවරණයන් ඉදිරිපත් කර තිබූ අතර, ඒවායේ සත්යමතාවයක් ඇත්නම් එය සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය පිලිබදව ප්රාශ්නාර්ථයක්ම ය. සැබැවින්ම පොලිසියට සැබෑ “නිදහසක්” හිමිවනුයේ මෙබඳු දූෂිතයන්, වංචනකයින්, ඉන් ඉවත්ව ගිය පසු ය. ආයතනයක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ ස්වාධිනතාව තහවුරු කිරීමට අවශ්ය් ක්රි යාමාර්ග, ව්යු“හාත්මක වෙනස්කම් සිදු කිරීමට සමගාමීව මෙබදු දූෂිත නිළධාරින් සම්බන්ධව ද කටයුතු කිරිම එකසේ වැදගත් වනුයේ එවැනි සන්දර්භයක ය. 

2014. 09. 04

 
රජයේ වැටුප් සහ වරප්රසාද ලබා දෙමින් රාජ්ය නිලධාරීන් සන්ධානයේ දේශපාලන ව්යාපාරවලට යොමු කරන්නේ මේ මැතිවරණයේ ප්රචාරක කටයුතු සඳහා ආණ්ඩුවට උඣීව පළාතේ ජනතාවගේ සහභාගීත්වයක් නොලැබෙන නිසයි - තිස්ස අත්තනායක PDF Print E-mail


එක්සත් ජාතික පක්ෂයේ 68 වැනි සංවත්සරය බදුල්ල දිස්ත්රික්කයේ පස්සර ප්රදේශීය සභා පරිශ්රයේ දී ලබන 06 වැනි දා පස්වරු 2.00 පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබෙනවා. 1946 සැප්තැම්බර් 06 වැනි දා මහාමාන්ය ඩී.එස්. සේනානායක මැතිතුමා ආරම්භ කරන ලද එක්සත් ජාතික පක්ෂය මේ වන විට නායකයින් 7 දෙනෙකු යටතේ ඉදිරියට යමින් සිටිනවා. ජාතිවාදී හෝ ආගම්වාදී පක්ෂයක් නොවන සැබෑ දේශපේර්මී පක්ෂයක් ලෙස 68 වැනි සංවත්සරය සැමරීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබෙනවා.

මේ රටේ දියුණුව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය විශාල ආර්ථික වැඩ පිළිවෙළක් කෘෂිකාර්මික, කර්මාන්ත හා වෙළෙඳ ෙක්ෂ්ත්රවලින් ඉටු කළා. එමෙන්ම විශාලම සමාජ මෙහෙවරක් සිදු කළේ ද එක්සත් ජාතික පක්ෂයයි. ඉතිහාසයේ රජ දරුවන්ගෙන් පසුව වැව් අමුණු සිය ගණනක් ඉදි කළ දේශපාලන පක්ෂය ද අපේ පක්ෂයයි.

උඣීව පළාත් සභා මැතිවරණයත් ඉලක්ක කොට ගනිමින් ප්රසිද්ධ රැස්වීමක් ලෙස පවත්වනු ලබන අභිමානවත් 68 වැනි එක්සත් ජාතික පක්ෂ සංවත්සරයට සහභාගි වන ලෙස අපි සියලූ දෙනාටම විවෘතව ආරාධනා කරනවා. උඣීව මැතිවරණ ව්යාපාරයේ ප්රචාරක කටයුතු අවසාන සති දෙකකට ළඟා වෙමින් තිබෙන අතර එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ රැස්වීම් අඛණ්ඩව පවත්වනවා. සැප්තැම්බර් 10 වැනි දා සිට 17 වැනි දා දක්වා අපේ පක්ෂයේ ප්රධාන ප්රචාරක රැළි පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා සහ එක්සත් නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා ඇතුලූ නායකයින් සහභාගි වන එම ප්රධාන ජන හමු මාලාව සැප්තැම්බර් 10 වැනි දා වියලූව නගරයෙන් ආරම්භ වනවා. එමෙන්ම 11 වැනි දා උඣීවපරණගම ද, 13 වැනි දා වැලිමඩ සහ හපුතලේ ද, 14 වැනි දා හාලිඇල දී ද, 15 වැනි දා බිබිල, මහියංගනය සහ වැල්ලවායේ ද, 16 වැනි දා මොණරාගල සහ බණ්ඩාරවෙලදී ද පවත්වනු ලබන අතර ප්රචාරක ජන හමු මාලාවේ අවසන් ජන රැළිය 17 වැනි දා බදුල්ලේ දී පවත්වනවා.

 මැතිවරණ ව්යාපාරයට රාජ්ය බලය යොදා ගනිමින් මැතිවරණ නීතිරීති උල්ලංඝණය කිරීම් දිගින් දිගටම ආණ්ඩුව විසින් සිදු කරනවා. ආර්ථික සංගණනයකට මුවාවෙමින් ප්රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කොට සිටින ෙක්ෂ්ත්ර නිලධාරීන්, උපාධි අභ්යාසලාභීන් ඇතුලූ නිලධාරීන් දහස් ගණනක් මොණරාගලටත්, බදුල්ලටත් යැවීමට ආණ්ඩුව කටයුතු කොට තිබෙනවා. එම නිලධාරීන් යැවීම සිදු කරන්නේ නිල කටයුත්තක් ලෙස බැවින් එය ඉතාමත් බරපතළ තත්ත්වයක් බව අපි අවධාරණය කරනවා. සැප්තැම්බර් 04, 05 සහ 06 දිනවලදී එම සංගණනය සිදු කරන බව දැනටමත් ආණ්ඩුව ප්රකාශ කර තිබෙන අතර එවැනි සංගණනයක් සිදු කරන්නේ නම් මැතිවරණයෙන් පසුව සිදු කරන ලෙස අපි ප්රකාශ කරනවා. රජයේ වැටුප් සහ වරප්රසාද ලබා දෙමින් රාජ්ය නිලධාරීන් සන්ධානයේ දේශපාලන ව්යාපාරවලට යොමු කරන්නේ මේ මැතිවරණයේ ප්රචාරක කටයුතු සඳහා ආණ්ඩුවට උඣීව පළාතේ ජනතාවගේ සහභාගීත්වයක් නොලැබෙන නිසයි. අපි මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිතව සහ වාචිකව අපගේ විරෝධය පළ කර සිටියා. එමෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාවටත් පැමිණිලි කිරීමටත් අපි පියවර ගන්නවා.

 බොහෝ රාජ්ය නිලධාරීන් ආණ්ඩුවේ මැතිවරණ ව්යාපාරයට සහභාගි වීම ප්රතිෙක්ෂ්ප කොට ඇති බව ද දැනගන්නට තිබෙනවා. ප්රචාරක ව්යාපාරයට රාජ්ය නිලධාරීන් යොදා ගැනීම සාධාරණ නොවන බව ඔවුන්ම ප්රසිද්ධියේ අදහස් පළ කරනවා. උඣීව පළාත් සභා මැතිවරණය ඉතාමත්ම තීරණාත්මකයි. උඣීවේ ජනතාව ලබා දෙන තීන්දුව මේ රටේ අනාගතය වෙනුවෙන් ලබා දෙන තීන්දුවක් නිසා වසර කිහිපයක් තිස්සේ උඣීවේ ජනතාව රැවටූ ආණ්ඩුව පළවා හැරීම සඳහා මේ මැතිවරණයේ දී ජනතාව කටයුතු කළ යුතුයි. උඣීවේ ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් සන්ධානයේ පාලනය යටතේ කිසිවක් සිදු නොවූ බව ඉතාමත් පැහැදිලියි. උඣීවේ සමස්ථ දුප්පත්කම වසර කිහිපයක් තුළ සීඝ්ර ලෙස වැඩි වී තිබෙන අතර දිවයිනේ වැඩිම දුප්පතකම සහිත දිස්ත්රික්කය බවට මොණරාගල දිස්ත්රික්කය පත් වෙලා.

 මොණරාගල දිස්ත්රික්කයේ 20% ක් වූ දුප්පත්කම පිළිබඳව මීට පෙර සොයා නොබැü ආණ්ඩුව ජනතාව රැවටීම සදහා මැතිවරණය අතරතුර දේශපාලන කටයුතු වෙනුවෙන් සංගණනයක් සිදු කිරීමට ක්රියා කරනවා. එමෙන්ම මොණරාගල දිස්ත්රික්කයේ ජනතාවට ජලය ලබා දීම සඳහා මුහුදු ජලය ලබා ගන්නා බව ආණ්ඩුව ප්රකාශ කරන්නේ යළිත් වරක් ජනතාව රැවටීමටයි. එය හඳෙන් හාල් ගෙනත් දෙනවා යැයි කියූ කතාවට සමාන බව කිව යුතුයි. එම ඡන්ද පොරොන්දුවලට නොරැවටී තමන්ගේ තීන්දුව නිවැරදි ලෙස ගන්නා ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 මැතිවරණ වරප්රසාද වෙනුවෙන් ආණ්ඩුව අයුතු ලෙස නිල බලය යොදා ගනිමින් සිටිනවා. ජනාධිපතිවරයා මොණරාගල දිස්ත්රික් ලේකම් කාර්යාලය විවෘත කිරීමත්, උඣීව පළාතේ දිගින් දිගටම මහින්දෝදය විද්යාගාර විවෘත කිරීමේ උත්සව පැවැත්වීමටත් අයුතු ලෙස රාජ්ය බලය භාවිත කිරීමක් බව ද සඳහන් කළ යුතුයි. එම උත්සව සඳහා මැති ඇමැතිවරු, අපේක්ෂකයින් පිරිවරා ගෙන සහභාගි වීම සදාචාරාත්මක දැයි අපි විමසනවා. එසේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම පිළිබඳව අපි මැතිවරණ කොමසාරිස්වරයාටත් පැමිණිලි කළා. මැතිවරණ ක්රමය පිළිබඳ ද බොහෝ විවේචන එල්ල වන අතර සමානුපාතික ක්රමය නිසා විශාල මුදලක් ද වැය වෙනවා. එම නිසා එක්සත් ජාතික පක්ෂය මෙම මැතිවරණ ක්රමය සංශෝධනය විය යුතු බව විශ්වාස කරනවා. සමානුපාතික මැතිවරණ ක්රමය වෙනුවට සමානුපාතික ක්රමය සහ කේවල ක්රමය එක් කළ නව මැතිවරණ ක්රමයක් හඳුන්වා දිය යුතුයි. එමෙන්ම ඡන්ද කඩින්කඩ පැවැත්වීම මගින් මහජන මුදල් ඉතා විශාල ලෙස නාස්ති වන අතර වැඩ කිරීමට තිබෙන කාලය ද අඩු වනවා. අනාගතයේ දී පාර්ලිමේන්තු මැතිවරණ සහ පළාත් සභා මැතිවරණ එක් දිනයකදී පැවැත්වීම සම්බන්ධයෙන් ක්රියා කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව කිව යුතුයි.

 පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී සම්මත කළ පනතට අනුව මැතිවරණය පැවැත්විය යුතු වුවත් ආණ්ඩුව හදිසියේම කිසිඳු දේශපාලන පක්ෂයකට නොදන්වා හදිසි පනතක් ලෙස සංශෝධනයක් ඉදිරිපත් කළා. පළාත් පාලන මැතිවරණ කොට්ඨාශ ක්රමයට පැවැත්වීම සම්බන්ධව ඇති කර ගත් එකඟතාව එලෙසම ක්රියාත්මක කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. සමානුපාතික ක්රමයට ඡන්ද ගණන් කිරීම සඳහා විශාල කාලයක් වැය වන නිසා එම ක්රමය පිළිබඳව විශ්වාසය බිඳවැටී තිබෙනවා. මේ නිසා ප්රතිඵල ලබාදීමේ දී ඇති වන ගැටලූ සහ ඊට වැය වන මුදල් සහ ශ්රමය අඩු කර ගැනීම සඳහා ඡන්ද ක්රමයට ඉලෙක්ටේරානික ඡන්ද ක්රමය හඳුන්වා දිය යුතුයි. මේ වන විට අපට වඩා සාක්ෂරතාවය අඩු ඉන්දියාව ද එම ක්රමය අනුගමනය කරනවා. ඡන්ද ගණන් කිරීම ද, ඡන්දය ප්රකාශ කරන ස්ථානයේදීම සිදු කිරීම සඳහා ද ක්රමයක් ඇති කරන ලෙස අපි යෝජනා කරනවා.

එක්සත් ජාතික පක්ෂය හැර ගිය සහ විනය හේතඣන් මත හෝ කුමන කාරණයක් මත හෝ නෙරපන ලද සියලූ දෙනාට එකට එකතු වී එක්සත් ජාතික පක්ෂය දිනවීමේ ව්යාපාරයකට එකතු වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පසුගිය දා ඉල්ලීමක් කළා. එම ඉල්ලීම සම්බන්ධව ක්රියා කිරීමට අපි අභියාචන කමිටුවක් පත් කළා. ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාගේ ප්රධානත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස නීතීඥ අශේන්ද්ර සිරිවර්ධන, නීතීඥ නිශේධ ගමගේ, සිරිනාල් ද මෙල් සහ ජෝයි නානායක්කාර යන මහත්වරු කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂයට යළිත් සම්බන්ධවීමට කැමැත්තෙන් සිටින අය එම කමිටුව වෙත තම අභියාචනා ඉදිරිපත් කිරීමට පුලූවන්. එම කමිටුව ඉන් පසුව ලබා දෙන නිර්දේශ අනුව කෘත්යාධිකාරී මණ්ඩලය විසින් ඒ අයට සාමාජිකත්වය ලබාදීම සම්බන්ධයෙන් ක්රියා කිරීමට නියමිතයි.
 
රනිල් වික්‍රමසිංහ මහතා විසින් රචිත කලියුග ය ග්‍රන්ථය පිළිබඳ විද්වත් කතිකාවත හෙට (04) සවස 4.30 ට PDF Print E-mail

ප්‍රවෘත්ති නිවේදනය

 

වත්මනෙහි බුදු සසුන මුහුණ දෙන අභියෝග පිළිබඳ විවරණය කරමින් රනිල් වික්‍රමසිංහ මහතා විසින් රචිත කලියුග ය ග්‍රන්ථය පිළිබඳ විද්වත් කතිකාවත හෙට (04) සවස 4.30 ට කොළඹ07, බෞද්ධාලෝක මාවතේ, සරණ පාරේ පිහිටි ධර්ම විජය පදනමේ දී පැවැත්වේ.

 

මෙහිදී මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ, සියම් මහා නිකායේ කටුගම්පොළ හත්පත්තුවේ සංඝ නායක හුණුවිල සුමනරතන සහ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක මඩකුwුරේ ධම්මාලෝක යන නාහිමිවරුන් අදහස් දැක්වීමට නියමිතය.

 
උව පළාත රාජ්‍ය ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදාගැනීමට නොහැකි වූ කලාපයක් බවට පත් වී තිබෙනවා. - විජයදාස රාජපක්‍ෂ මහතා. PDF Print E-mail

උව පළාත රාජ්‍ය ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදාගැනීමට නොහැකි වූ කලාපයක් බවට පත් වී තිබෙනවා.

-          විජයදාස රාජපක්‍ෂ මහතා.

 

මේ වන විට උඣීව පළාත දැඩි භීෂණයකට හසුවී තිබෙන කලාපයක් බවට පත් වෙලා. වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී යුද්ධය තිබෙන කාලයේදී උතුර මුදානොගත් ප්‍රදේශයක් ලෙස හැ¼දින්වූවා සේම පළාත් සභා ඡන්දය පවතින නිසා උඣීව පළාත රාජ්‍ය ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදාගැනීමට නොහැකි වූ කලාපයක් බවට පත් වී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට තිබෙන විදියට සාධාරණ මැතිවරණයක් පැවැත්වීම රටේ ජනතාව මැතිවරණ කොමසාරිස්වරයාගෙන් බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ ආකාරයට සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව රටටත් ලෝකයටත් පැහැදිලි වී තිබෙනවා.

ස්වාධීන මැතිවරණ කොමිසම් සභාවක් පත් කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වුවත් මේ ආණ්ඩුව එම කොමිසම් සභාව පත් කොට නැහැ. එවැනි ස්වාධීන මැතිවරණ කොමිසම් සභාවක් යටතේ පවත්වන මැතිවරණයකින් ජයග්‍රහණය කිරීමට නොහැකි බව දන්නා ආණ්ඩුව එම කොමිසම පත් කිරීමෙන් වැලකී සිටිනවා. මැතිවරණ කොමසාරිස්වරයෙක් යටතේ මැතිවරණයක් පවත්වන විට ඔහුට විශාල වශයෙන් බලපෑම් කිරීමේ හැකියාවක් ආණ්ඩුවට තිබෙනවා.

එක්සත් ජාතික පක්‍ෂයත් වෙනත් දේශපාලන පක්‍ෂත් උඣීව පළාත් සභාවේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් නොපැවැත්වෙන බවට කිහිපවරක්ම මැතිවරණ කොමසාරිස්වරයා දැනුම්වත් කොට තිබෙනවා. පළාත් සභා පනතේ 127 වන වගන්තිය යටතේ ඊට විරුද්ධව කටයුතු කිරීමේ හැකියාවක් මැතිවරණ කොමසාරිස්වරයා සතුයි. එහෙත් ඔහුට තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදයක් තිබෙනවා. එමෙන්ම තමන් තීන්දු තීරණ ගෙන නියෝග ලබා දුන්නත් ආණ්ඩුව සහ පොලීසිය ඒවා කී්‍රයාත්මක නොකරන බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරනවා. තමන් ලබාදෙන නියෝග ආණ්ඩුව පිළිනොගන්නා බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරන අතරම පොලිසීය නිසි ආකාරයෙන් කී්‍රයාත්මක නොවෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ප්‍රකාශ කොට තිබෙනවා.

මේ තත්ත්වය අනුව අපේ රටේ අරාජිකත්වයක් නිර්මාණය වී තිබෙන බව පක්‍ෂ බේදයකින් තොරව අපට පිළිගත හැකියි. ප්‍රචන්ඩත්වය මුදා හරිමින් ආණ්ඩුව කෙසේ හෝ මේ මැතිවරණය දිනා ගැනීමට උත්සහ කරන බව ඉතා පැහැදිලිව පෙනෙනවා. සමෘද්ධි නිලධාරීන් දස දහසකට බලපෑම් කොට සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවීමට උඣීව පළාතට රැගෙන ගොස් තිබෙනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට අනුයුක්ත කර ගත් නව උපාධිදාරීන් 14000 ක් ද මැතිවරණ කටයුතු වෙනුවෙන් උඣීව පළාතට රැගෙන ගොස් තිබෙනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් රටේ ආර්ථිකය නැංවිමට යමක් සිදු කොට නැතත් තමන්ගේ මැතිවරණ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා රටේ ජනතාවගේ සම්පත් අයුතු විදියට භාවිතා කරනවා.

 

තැපැල් ඡන්ද භාවිතා කිරීමට නියමිත රාජ්‍ය සේවකයින් මේ මොහොතේ රටේ අනාගතය ගැන සිතා තම ඡන්දය භාවිතා කළ යුතුයි. 2006 අංක 6 දරණ චක්‍ර ලේඛණය 2006 ජනවාරි 01 වන දා සිට ක්‍රියාත්මක වුණා. එම චක්‍රලේඛණය මඟින් වැටුප් වැඩි කොට අවම වැටුප රුපියල් 11730 ක් ලෙස නියම කළා. ඉන් පසුව අවුරුදු 8 කට වැඩි කාලයක් ගත වී ඇතත් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් කිසිදු වැටුප් වැඩිවීමක් මේ ආණ්ඩුව සිදු කොට නැහැ. මැතිවරණ ලංවන විට සුළු දීමනාවක් පමණක් එකතු කිරීමෙන් බරපතල ප්‍රශ්නවලින් මගහැර යාමට පමණක් ක්‍රියා කොට තිබෙනවා. එහෙත් මූලික වැටුප් වර්ධක හෝ විශ්‍රාම වැටුප් වර්ධක එම රාජ්‍ය සේවකයාට ලබා දෙන්නේ නැහැ. එම නිසා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට නොහැකි අසාර්ථක ආණ්ඩුවක් වර්ථමානයේ පවතින බව රාජ්‍ය සේවකයින් තේරුම් ගත යුතුයි.

 

රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගියත් වසර කිහිපයක් ගත වන තුරුත් එම විශාම වැටුප් ලබාදීමට නොහැකි තත්ත්වයේ අවුලෙන් අවුලට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පත් වී තිබෙනවා. එය ආණ්ඩුව විසින් හිතාමතා සිදුකොට ඇති බව පැහැදිලි වන්නේ ඔවුන් සඳහා වැටුප් ගෙවීමට ආණ්ඩුවට නොහැකි නිසයි. දැනටමත් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවන්නේ රාජ්‍ය බැංකුවලින් ලබා ගන්නා ණය අයිරා මගිනි.

 

මහ බැංකු වාර්තා මගින් ගිණුම් ප්‍රසාරණය කොට පෙන්නුවත් විදේශ රටවලින් ලබාගෙන තිබෙන ණය මුදලත්, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප යන මුදල් වැය ශීර්ෂ තුන පමණක් සැපයීමට පමණක් ජාතික ආදායම ප්‍රමාණවත් වනවා. අනිකුත් සෑම කාර්යක් සඳහාම ණය ලබාගැනීමට අද සිදුවෙලා. එම ණය ප්‍රමාණය බිලියන 7000 ක් ඉක්මවා ඇතත් එම ණය මුදල්වලින් සිදු කොට තිබෙන ව්‍යාපෘති අසාර්ථක වී තිබෙනවා. නොරොච්චෝලයේ විදුලි බලාගාරය අසාර්ථක වී තිබෙන අතර, මත්තල ගුවන් තොටුපලේ මාසික ආදායම රුපියල් 7000 දක්වා අඩු වී තිබෙනවා. රටේ ප්‍රමුඛතාවන් පිළිබඳව අවදානය යොමු නොකොට රටේ ජනතාව පරම්පරා 25 කට 30 කට ණය කරුවන් බවට පත් කොට තිබෙනවා. කිසිදු රාජ්‍යයක් නොකරන ආකාරයට වාණිජ පොලිය මත ණය ලබා ගනිමින් කරනු ලබන මහා පරිමාණ ව්‍යාපෘතිවලින් 30% ක් 40% ක් පාලකයින් ගසා කනවා.

 

සේවක අර්ථසාධක අරමුදල සහ පාරිතෝෂිත අරමුදල සූදු කෙලීම සඳහා ආණ්ඩුව විසින් යොදාගෙන තිබෙනවා. කොටස් වෙළඳ පොල ප්‍රසාරණය කොට ලෝකයට පෙන්වා සඳහා අහිංසක ජනතාවගේ වැටුපෙන් අයකර ගන්නා ලද මුදල් වන සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල දූෂණයට ලක් කොට තිබෙනවා. එම මුදල් ආයෝජනයට ලක් කළ හැක්කේ භාරකාර මණ්ඩලයට පමණයි. එහෙත් ආණ්ඩුව එම මුදල් තමන්ට අවශ්‍ය ආකාරයට පරිහරණය කිරීම සඳහා ආණ්ඩුව නීති සම්පාදනය කිරීමට උත්සහ ගත්තත් අපේ රටේ ජනතාව ජීවිත පූජාවෙන් එය වලක්වනු ලැබුවා. එහෙත් මේ ආණ්ඩුව එම මුදල් අයතා අන්දමින් ආයෝජනය කරන බවත් ඒවා ප්‍රයෝජනයට ගන්නා බවත් පැහැදිලි වී තිබෙනවා යැයි ද විජේදාස රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

එහිදි මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට ද විජේදාස රාජපක්‍ෂ මහතා මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

 

ප්‍රශ්නය :             එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා ලෙස අළුත් පුද්ගලයෙකු පත් වී සිටිනවා. එම පත්වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද?

 

පිළිතුර : අපේ රටේ ආණ්ඩු මාරු වූ පසු ප්‍රතිපත්ති වෙනස් වන්නාක් මෙන් ජාත්‍යන්තරයේ ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැහැ. එක්සත් ජාතින්ගේ සංවිධානය යම්කිසි තීරණයක් ගෙන තිබුණේ නම් ඒවා ඒ ආකාරයෙන්ම කී්‍රයාත්මක වෙනවා.

 

ප්‍රශ්නය :             නීති විරෝධි මැතිවරණ කටයුතු වෙනුවෙන් අධිකරණය යාමට මහජනතාවට හැකි ද?

 

පිළිතුර : උසාවි යන්නට ජනතාවට බලය තිබෙනවා. නමුත් මැතිවරණය සති කිහිපයකින් අවසන් වෙනවා. එහෙත් අධිකරණයේදී නඩුව විභාග කරන විට මාස තුන හතරක් ගත වෙනවා. එම නිසා නඩු පැවරුවත් මැතිවරණය අවසන් වී තිබෙනවා. උඣීව පළාත් සභා මැතිවරණ ආරම්භයේදී ජන අනුපාතය කෘතිම විදියට වෙනස් කොට ආසන මාරු කිරීමට එරෙහිව අධිකරණයට ගියත් ජනතාව බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලැබූණේ නැහැ.

 

ප්‍රශ්නය :             ජනාධිපතිවරයාට වාර දෙකකට වඩා ධූර කාලයේ රැඳී සිටිමට නොහැකි බව පලවන අදහස සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?

 

පිළිතුර : 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරෙයකුට එම ධූරය දැරිය හැකි කාලය වාර දෙකක් බව පැහැදිලිව සඳහන් වෙනවා. ඇමරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ බව සදහන් වෙනවා. රූස්වෙල්ට් ජනාධිපතිවරයා එම සම්ප්‍රදාය කඩ කොට තුන්වන වරට ජනාධිපතිවරණයට තරඟ කළ නිසා වාර දෙකක් ලෙස සීමා කොට ඇමරිකාව ව්‍යවස්ථාව සංශෝධනය කළා. විධායක ජනාධිපතිවරු පත්වන රටවල එම වාර ගණන දෙකකට සීමා කරනවා. එහෙත් අගමැතිවරු සම්බන්ධව එවැනි සීමාවක් නැහැ. අගමැතිවරුන් ව්‍යවස්ථාදායකයේ පාලනයට යටත් වීම ඊට හේතුවයි. එහෙත් ජනාධිපතිවරයාගේ බලතල තනි පුද්ගලයෙකු විසින් කී්‍රයාත්මක කිරීම නිසා වාර දෙක අපේ ව්‍යවස්ථාවට අත්‍යවශ්‍ය වී තිබෙනවා. වාර දෙකක් තිබියදී මෙතරම් දූෂණයක් පවුල්වාදයක් සිදු වන්නේ නම් වාර තුනක් හතරක් බවට පත්වුවහොත් අපේ රට ලිබියාවක් සෝමාලියාවක් බවට පත් වීම වලක්වාලිය නොහැකියි. එවැනි දුර දැක්මක් තිබුණු ව්‍යවස්ථා සම්පාදකයින් වාර දෙකක් දක්වා ජනාධිපති ධූර කාලය සීමා කලත් 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් මෙම වාර ගණන ඉවත් කළා. එහෙත් මේ ජනාධිපතිවරයාට යලිත් වරක් ඉදිරිපත් විය හැකිද යන්න ප්‍රශ්නයක් තිබෙනවා. එය අර්ථ කථනය කළ යුත්තේ පවතින නෛතික ප්‍රතිපාදන මතයි.

 

වත්මන් ජනාධිපතිවරයා දෙවැනි වතාවට 2010 ජනවාරි මාසයේදී තේරි පත්වුණා. නමුත් ඔහු දිව්රුම් දුන්නේ 2010 නොවැම්බර් 18 වෙනි දිනයි. එය සිදු කළේ ඔහු මැතිවරණයට ඉදිරිපත් වී සිටි අවස්ථාවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකඣලවයි. ඒ අනුව එම දිව්රුම් දීමේ සිට අවුරුදු 6 ක කාලයක් එම ධූරයේ කටයුතු කිරීමට හැකියාවක් තිබෙනවා. 18 වෙනි සංශෝධනය 2010 සැප්තැම්බර් මාසයේ සිට කී්‍රයාත්මක වුණා. 2010 ජනවාරි මාසයේ දී ජනතාව මේ ජනාධිපතිවරයා පත් කළේ ඔහුගේ අවසන් වාරය බව දැනගෙනයි. දෙවැනි කාරණය වන්නේ මේ ජනාධිපතිවරයා දෙවැනි වතාවට දිව්රුම් දුන්නේ එවකට තිබුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව වීමයි. ඒ අනුව මේ ජනාධිපතිවරයාගේ පත්වීමේ අවස්ථවේ සිට අදාළ කාලය අවසන් වන විට අවුරුදු 6 ක් අවසන් විය යුතුයි. මේ නීතිය අතීතයට බලපාන නීතියක් ලෙස අපේ ව්‍යවස්ථාවට ඇතුළත් කොට නැහැ. එම නිසා අනාගතයට ක්‍රියාත්මක නීතියක් බැවින් වත්මන් ජනාධිපතිවරයාට තුන් වැනි වතාවට එම ධූරය සඳහා ඉල්ලා සිටීම හැකියාවක් නැහැ.

ප්‍රශ්නය :             18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදහස් ලබා ගත් අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය එම ගැටලූව දුටුවේ නැද්ද?

පිළිතුර : ශ්‍රේෂ්ඨාධිකරණයට හිඩැස් සෙවීමේ අවශ්‍යතාවක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට අදාළ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පනතක් ගෙන එන විට එය ව්‍යවස්ථාවට පටහැනි ද, නැද්ද යන්න තීරණය කිරීමයි. 18 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලබා දුන්නත් එය ජනමත විචාරණයක් නොමැතිව සම්මත කිරීමට නොහැකි බව අපේ තර්කයයි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණක් අවශ්‍ය නොවන බවට තීන්දුව අනුව පාර්ලිමේන්තුව එය සම්මත කළා. නමුත් එහි අතීතයට බලපාන පරිදි ප්‍රතිපාදන නොමැති නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රීතිය අර්ථ නිරූපණය කිරීමේ මූලිකම ගුණාංගය නීතියක් පැනවූ දා සිට ඉන් ඔබ්බට එය ක්‍රියාත්මක විය යුතුයි. අතීතයට බලපාන පරිදි නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුවට බලයක් තිබුණත් එය ඒ ආකාරයෙන් සඳහන් කළ යුතුව තිබෙනවා. සේපාල ඒකනායක ගුවන් මංකොල්ලය සිදු කළ අවස්ථාවේ ඔහුට විරුද්ධව ක්‍රියාත්මක කිරීමට නීතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොතිබූ නිසා අතීතයට බලපාන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කොට ඔහුට විරුද්ධව නඩු පැවරුවා.

 

වර්තමාන ප්‍රශ්නය අර්ථ නිරූපණය කරන්නේ කවුද යන්න ගැටලූවක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ පූර්ණ බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. මේ ජනාධිපතිවරයා තුන්වැනි වතාවට ජනාධිපතිවරණයට පෙනී සිටීමට මැතිවරණ කොමසාරිස්වරයාට ඉල්ලූම් කළහොත් එය ප්‍රතිෙක්‍ෂ්ප කිරීමට එම මැතිවරණ කොමසාරිස්වරයාට බලයක් තිබෙනවා. මැතිවරණ කොමසාරිස්වරයාට නීතිමය ගැටලූවක් තිබෙනවා නම් නීතිපතිගෙන් උපදෙස් ලබාගත හැකියි. 1833 සිට නීතිපති දෙපාර්තමේන්තුව කිසිඳු ඇමැතිවරයෙකුගේ යටතට අයත් නොවූ දෙපාර්තමේන්තුවක් ලෙස පැවතුණත් ගැසට් පත්‍රයක් මගින් මේ වන විට එය ජනාධිපතිවරයා යටතට පවරා ගෙන තිබෙනවා. ඒ අනුව ස්වාධීන නීති උපදේශයක් නීතිපතිවරයාගෙන් මැතිවරණ කොමසාරිස්වරයාට ලැබේද නැද්ද යන්න පිළිබඳ ගැටලූවක් පවතිනවා.

 

ඊළඟට තිබෙන විකල්පය අධිකරණයට යාමට තිබෙන අයිතියයි. එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිවැරදි තීන්දුවක් ලැබෙන්නේ අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීනව පැවතුණොත් පමණයි. පසුගිය ජනවාරි මාසයේ 20 වැනි දා අපේ රටේ අධිකරණය ස්වාධීනව පවත්වා ගෙන යාමට ආණ්ඩුව ක්‍රියා නොකරන නිසා මා විසින් දෝශාභියෝග සම්බන්ධ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අපේ රටේ ජනාධිපතිවරයා නායකත්වය දරණ පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයින් අනුමත කරන ලද ලැටිමර් හවුස් ප්‍රතිපත්තිය එහි අඩංගු වනවා. එම ප්‍රතිත්ති ඇතුළත් කොට ගෙනා පනත මගේ දැනීමේ හැටියට පාර්ලිමේන්තු ඉතිහාසයේ පාර්ලිමේන්තුවට බාර නොගෙනම ඡන්දයක් විමසා එම පනත ප්‍රතිෙක්‍ෂ්ප කළා. අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීන වනු ඇතැයි විශාල බයක් මේ ආණ්ඩුවට තිබෙනවා. එම නිසා ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීන කිරීම සඳහා මේ දක්වා ක්‍රියාමාර්ගයක් නොගත් ආණ්ඩුව අනාගතයේදීත් එවැනි ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ.

 
පෞද්ගලික රෝහල් වල රථගාල් විකිණීමට තිබේ PDF Print E-mail

පෞද්ගලික රෝහල් වල රථගාල් විකිණීමට තිබේ -  නිරෝෂන් පාදුක්ක

 පෞද්ගලික රෝහල් වල රථගාල් විකිණීමට තිබේ

බස්නාහිර පළාත් සභාවට මා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික යෝජනාවක් වන 'පෞද්ගලික රෝහල් වල රථගාල් වලින් මුදල් අය කිරීම තහනම් කිරීම' සියළු පක්ෂ වල ඒකමතික එකඟතාවය මත මීට වසරකට පෙර අනුමත විය.

එහෙත් තවමත් මෙම රෝහල් වල රථ ගාල් වලින් මුදල් අය කිරීම සරුවට සිදු වන අතර එකී රථ ගාල් අතුරු බදු දී විශාල ආදායමක් දින පතාම ලබා ගනී. තවමත් මේ පිළිබඳව පළාත් පාලන කොමසාරිස්වරිය ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි.

කිසිදු රෝගියෙකු පෞද්ගලික රෝහලකට යන්නේ කැසිනෝ ගැසීමට හෝ චිත්‍රපටියක් බැලීමට නොවේ. තවද ඇඳුම් මිලදී ගැනීමට හෝ කාර් රේස් බැලීමටද නොවේ. අයිස් බකට් නෑමට ද නොවේ. අදාළ රෝගයට ඛෙහෙත් ගැනීමට චැනල් සේවාවක් ලබා ගැනීම සඳහා හෝ නේවාසිකව සිටින රෝගීයෙකු බැලීමට පමණි.

චැනල් කරන ලද බිල්පතෙහි රෝහල් ගාස්තුද පැහැදිලිව ඇතුලත්ව ඇති අතර නේවාසික රෝගියෙකුගේ බිල්පතක් සඳහා ලක්ෂ ගණනින් වැය වේ. තවද විශේෂඥ වෛද්‍යවරයා පැය ගණන් ප්‍රමාද වීමද රෝගියාගේ රථ ගාල් ගාස්තු ඉහළ යාමට හේතුවකි.

අදාළ ගොඩනැගිලි සැලසුම් අනුමත කර ඇත්තේද රෝහලක් යන ව්‍යාපාර ස්වාභාවය මත වන අතර මෙහිදී අවශ්‍ය ගොඩනැගිල්ලේ තට්ටු ප්‍රමාණය හා වර්ග අඩි ප්‍රමාණය මත අවශ්‍ය රථ ගාල් පහසුකම් හා අනෙකුත් පොදු පහසුකම් පැහැදිලිව සටහන් කොට ඇත.

එය හඳුන්වන්නේ කොමන් යුටිලිටි ෆැසිලිටීස් හෙවත් පොදු පහසුකම් ලෙසය. එය නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි හා අදාළ නගර සභාවේ සැලසුම් අනුමත කිරීමේ කමිටුවේ වගකීමකි. කෙසේ වෙතත් දිගින් දිගටම අසාධාරණයට ලක්වන රෝගීන් වෙනුවෙන් රාජ්‍ය යාන්ත්‍රණයක් නොමැත.

පසුගිය කාලයේ දින 7 ක් රෝහල් ගත වුණු රෝගියෙකුගේ නිවසේ වාහනයෙන් රථ ගාල් ගාස්තු ලෙස රු. 700 ක් අය කර ගෙන තිබු අතර චැනල් සේවාව ලබා ගත රෝගියෙකුගෙන් රු. 1700 ක ගාස්තුවට අමතරව රු. 150 ක රථගාල් ගාස්තුද අය කර තිබිණ. මෙය දිනපතා සිදුවන එක් අසාධාරණ ගසා කෑමක් පමණි.

මෙකී සියළුම රෝහල් හිමිකරුවෝ රජයේ හිතවතුන් වෙති. තවද බොහෝ බදු සහන ලැබුවෝ ද වෙති. 700 % ට අධික සෘජු හා වක්‍ර බදු ගෙවන ජනතාවක් ජීවත් වන රටක ප්‍රධාන පළාතේ පළාත් පාලන කොමසාරිස්තුමියගේ නිහඬ පිළිවෙත පිළිබඳව අපට විශාල සැකයක් ඇති බව නම් නොකියාම බැරිය

-නිරෝෂන් පාදුක්ක විසිනි-

 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Page 7 of 128

Fetured Themes




Party Theme Song


PopUp MP3 Player (New Window)

Leader's Theme Song


PopUp MP3 Player (New Window)
Copyright © 1946 - 2014. United National Party. Designed by Acelabs.org