Wednesday July 23, 2014
News Feeds:
විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් පිරිසක් සමග 2014.06.09 වැනි දින කොළw, කිරුළපන පිහිටි නැගෙනහිර කොළඹඑක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවේදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා. PDF Print E-mail
රටේ මධ්‍ය මහා විද්‍යාලවල විදුලිය ගාස්තු ගෙවීම සඳහා රජය මුදල් ලබා දෙන්නේ දැයි කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළා.
පරිගණක ආදී තාක්‍ෂණික උපකරණ ඇතුලූ විදුලි උපකරණ සඳහා විදුලිය අවශ්‍ය වන අතර ඒ උපකරණ පාවිච්චි කිරීම වෙනුවෙන් අය කෙරෙන විදුලිය ගාස්තු ගෙවීමට මධ්‍ය මහා විද්‍යාලවලට අපහසු තත්ත්වයක් උදා වී තිබෙනවා.
ඒ ඒ මධ්‍ය මහා විද්‍යාල පාවිච්චි කරන පරිගණක ආදී තාක්‍ෂණික උපකරණ ඇතුලූ විදුලි උපකරණ වෙනුවෙන් විදුලිය ගාස්තු ගෙවීම රජය සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතාට පිළිතුරු ලබා දෙමින් පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.
කොළඹරාජකීය විද්‍යාලය සහ ඩී.එස්. සේනානායක විද්‍යාලය ඇතුලූ කොළඹබොහෝ පාසල්වලට ද, කුරුණෑගල මලියදේව විද්‍යාලය ඇතුලූ විද්‍යාලවලට ද සිය විදුලිය ගාස්තු ගෙවීම සඳහා මසකට රුපියල් ලක්‍ෂ 5 ක් වුණත් සොයා ගැනීමට ආර්ථික ශක්තියක් තිබෙනවා.
නමුත් රජයෙන් ලබා දෙන පරිගණක ආදී තාක්‍ෂණික උපකරණ ඇතුලූ විදුලි උපකරණ පාවිච්චි කිරීම වෙනුවෙන් අය කෙරෙන විදුලිය ගාස්තුව ගෙවීමට රට පුරා තිබෙන අනෙකුත් මධ්‍ය මහා විද්‍යාලවලට ශක්තියක් තිබෙනවාද? ඒ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ දෙමව්පියන්ගේ දායකත්වයෙන් එවැනි විශාල විදුලිය ගාස්තුවක් මසකට ගෙවීමට ඒ පාසල්වලට හැකියාවක් තිබෙනවාද?
රටේ මධ්‍ය මහා විද්‍යාලවල විදුලිය ගාස්තු ගෙවීමට ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමයට නොහැකි වුණාට කොළඹපැවැත්වෙන රාත්‍රී කාර් ධාවන තරග වෙනුවෙන් පාවිච්චි කෙරෙන විදුලිය සඳහා අති විශාල ගාස්තුවක් ගෙවීමට රෙජීමයට හැකියාව තිබෙනවා.
සියලූ වරප්‍රසාද සහිත තරුණ කල්ලි පවත්වන කිලැම්බෝගිනිකි රාත්‍රී කාර් රේස් සඳහා නාස්ති කෙරෙන විදුලිය වෙනුවෙන් විශාල මුදලක් යට කළාට රටේ මධ්‍ය මහා විද්‍යාලවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාවිච්චි කරන පරිගණක වෙනුවෙන් විදුලිය ගාස්තු ගෙවීමට ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය සූදානම් නැහැ.
ඒකාධිපති රෙජීමය යටතේ නිදහස් අධ්‍යාපනයට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත්, පාසල්වලටත් අත්ව තිබෙන ඉරණම මේ අනුව මනාව පැහැදිලි වනවා. මේ තත්ත්වය උද්ගත වී තිබෙන්නේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකට එක්වී නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් යොදවන ප්‍රතිපාදන කප්පාදු කිරීමයි.
නිදහස් අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දුන්නේ රටේ දක්‍ෂ තරුණ තරුණියන්ට ඉදිරියට පැමිණීමට වන නමුත් ඒකාධිපති රෙජීමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව නිදහස් අධ්‍යාපන ප්‍රතිපාදන කප්පාදු කිරීම හේතුවෙන් වරප්‍රසාද ලත් සුළුතරයකට අධ්‍යාපන අවස්ථා සීමා වී තිබෙනවා.
විශ්ව විද්‍යාලයට ඇතුලූ වී ඉදිරියට යන්න ගමේ තරුණ තරුණියන් බලාපොරොත්තු තබා ගෙන සිටියත් විශ්ව විද්‍යාල නිදහස් අධ්‍යාපනයට මේ ආණ්ඩුවෙන් විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා. කොළඹවිශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබාගනිමින් නිදහස් අධ්‍යාපනය නිසා ඉදිරියට ආ දේශපාලන නායකයෙකු ලෙස නිදහස් අධ්‍යාපනයට යම් පහරක් වදින විට ඒ බව මට හො¼දින්ම දැනෙනවා.
ගෙවුණු දශකය ඇතුළත දී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව, ඒකාධිපති රෙජීමය සහ මහින්ද චින්තනය නිදහස් අධ්‍යාපනයට, පාසල් අධ්‍යාපනයට සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට කළ මෙහෙවර කුමක්ද? මහා මාර්ග සහ වරාය ඉදිකළා යැයි කියන මේ ආණ්ඩුවට එකම විශ්ව විද්‍යාලයක්වත් ඉදිකළ බව කියන්න හැකියාවක් තිබෙනවාද? විශ්ව විද්‍යාලයක් අලූතින් ඇති කිරීම කෙසේ වෙතත් අවම වශයෙන් විශ්ව විද්‍යාලයක් දියුණු කළා කියා වත් මේ ආණ්ඩුවට කිව හැකිද?
මේ ආණ්ඩුව රට පුරා ඉදි කරන මහා මාර්ගවල ඇතිරූ කාපට් සහ කොන්කී්‍රට් ගංවතුරට ගසා ගෙන යන තත්ත්වයෙන් හෙළි වන්නේ එම මාර්ග ව්‍යාපෘතිවල සැබෑ තත්ත්වයයි. ප්‍රමිතියකින් තොර බාල වර්ගයේ මේ මාර්ග ඉදිකිරීම සඳහා නාස්ති කරන මුදලින් කොටසක්වත් විශ්ව විද්‍යාලවල දියුණුව සඳහා යෙදෙව්වා නම් කෙතරම් වටිනවාද? අවශ්‍ය පරිගණක සහ පොත් නොමැති විශ්ව විද්‍යාලවල කෙතරම් පීඨ ගණනාවක් තිබෙනවාද?
මහා මාර්ගයට අතුරන කාපට් සහ කොන්කී්‍රට් වැස්සට සේදී ගියත් රටේ අනාගත පරපුරේ මනසට ලබාදෙන දැනුම කිසිඳු වැස්සකට හෝ ගංවතුරකට සේදී නොයන බව ඒකාධිපති රෙජීමය දැනගත යුතුයි.
නිදහස් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම විනාශ කරන ආණ්ඩුවට දැනුමෙන් පිරිපුන් සමාජයක් ගොඩනැගීමේ කිසිඳු අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. මේ තත්ත්වය යටතේ මූල්‍ය ප්‍රතිපාදන සහ මානව සම්පත් යොදවා විශ්ව විද්‍යාල දියුණු කළා කියා කියන්න ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමයට කිසිඳු හැකියාවක් ඇත්තේ නැහැ.
මේ රටේ මේ මොහොත වන විටත් ක්‍රියාත්මක වන්නේ ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ පේ‍ර්මදාස සහ චන්ඬිකා බණ්ඩාරනායක කුමාරතුංග යන නායක නායිකාවන්ගේ පාලන කාලයේ ඇති කළ විශ්ව විද්‍යාලයි. නමුත් ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමයට දශකයක් මුළුල්ලේ මේ රටේ එකම විශ්ව විද්‍යාලයක්වත් ගොඩනැගීමට නොහැකි වි තිබෙනවා.
විශ්ව විද්‍යාල ශක්තිමත් සහ දියුණු ලෙස ඉදිරියට ගෙන යන්න විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විශාල වශයෙන් අවශ්‍ය වන නමුත් මේ ආණ්ඩුව ඒ ආචාර්යවරුන්ගේ ප්‍රශ්නවත් විස¼දා නැහැ. පොරොන්දු වූ පරිදි අදාළ දීමනා ලබා දෙමින් සිය ප්‍රශ්න වගේම විශ්ව විද්‍යාල සහ එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණ දී සිටින ප්‍රශ්න මේ ආණ්ඩුව මේ දක්වාම විස¼දා නොමැති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කියා සිටිනවා. මේ ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ විශ්ව විද්‍යාල මහාචාර්ය සහ ආචාර්යවරුන්ගේ වැඩ කටයුතුවලට බාධා එල්ල කිරීමයි.
උපාධි ප්‍රදානය කරන ආයතන පිළිගැනීමේ දී මීට පෙර ඊට අදාළ මූලික වාර්තාව ලබා දුන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවයි. මේ ආණ්ඩුව එම වගකීම සහ කාර්යභාරය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉවත් කර විෂය බාර අමාත්‍යවරයා පත් කරන කමිටුවකට ලබාදී තිබෙනවා.
උපාධි ප්‍රදානය කරන ආයතන සහ විශ්ව විද්‍යාල ලෙස සලකන ආයතන ඉන්දියාවේ පවා පාලනය කෙරෙන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ රෙගුලාසි අනුවයි. නමුත් මේ ආණ්ඩුව ඒ වගකීම අපේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉවත් කර ඒ ආයතන සම්බන්ධයෙන් Vජු ඇමැති පාලනයක් ඇති කරලා... මේ හේතුවෙන් සමහර උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න මතු වී තිබෙනවා. මේ ප්‍රශ්න සඳහා වගකියන්නේ කවුරුන් ද?
විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල වශයෙන් ප්‍රශ්නවලට මුහුණ දී සිටින අතර එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් නියෝජනය කළ ශිෂ්‍ය සංගම් මේ වන විට ක්‍රියාත්මක වන්නේ නැහැ. එම ශිෂ්‍ය සංගම් ක්‍රියාත්මක කළ යුතු අතර එම සංගම්වලින් පිටස්තරව තවත් සංවිධාන ගොඩනැගීමට ඕනෑම අයෙකුට අයිතියක් තිබෙනවා. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය ක්‍රියාත්මක කරනවා ද, නැද්ද සහ තවත් එවැනි සංවිධානයක් ගොඩනගනවා ද නැද්ද යන්න පිළිබඳව තීරණය කළ යුත්තේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවනුයි. නමුත් මේ ආණ්ඩුව කර තිබෙන්නේ විශ්ව විද්‍යාල අභ්‍යන්තරයේ ශිෂ්‍ය නියෝජනය නැති කිරීම බව කිව යුතුයි.
මේ සියලූ ක්‍රියාමාර්ගවලින් ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය උත්සාහ කරන්නේ නිදහස් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමටයි. මේ අය නිදහස් අධ්‍යාපනය, විශ්ව විද්‍යාල සහ එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග තරහයි... රුහුණු විශ්ව විද්‍යාලයට කඩා වැදී එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහර දුන් ඒකාධිපති රෙජීමය දැන් කියා සිටින්නේ එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ අය පහර නොදුන් බවයි.
මගේ උපදෙස් අනුව මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පොලිසියට කතා කළ අවස්ථාවේ දී මේ පහර දීමේ සිද්ධිය ගැන පොලිසිය ඔහුට තහවුරු කර තිබුණා. නමුත් මේ සිද්ධියට සම්බන්ධ යැයි කියන ඇමැතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ කියා සිටියේ එවැනි සිද්ධියක් ඇති නොවූ බවයි.
සියලූ සාක්‍ෂි සහ සාධක තිබිය දී ආණ්ඩුව මේ සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ ක්‍රියා කරන්නේ සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මැති ඇමැතිවරුන් ආරක්‍ෂා කර ගැනීමට ද? මේ සිද්ධියට අදාළව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඡායාරූප ගණනාවක් ඉදිරිපත් කළ අතර පොලිසිය ඒ ඡායාරූප මත පදනම්ව පරීක්‍ෂණ සිදු කර තිබෙන බව අපට ආරංචියි.
විශ්ව විද්‍යාල ආරක්‍ෂා කර දියුණු කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයට විධිමත් වැඩපිළිවෙළක් තිබෙන බව කිව යුතුයි. විශ්ව විද්‍යාලයේ කළමනාකාරීත්වය, පිළිගැනීම සහ ලියාපදිංචිය සම්බන්ධයෙන් එක නීතියක් තිබිය යුතුයි. විශ්ව විද්‍යාල පිළිගන්නේ කෙසේද, විශ්ව විද්‍යාල ඇති කරන්නේ කිනම් කාරණා මත පදනම්ව ද, උපාධි ප්‍රදාන ආයතන ඇති කරන්නේ කෙසේද, විශ්ව විද්‍යාල මණ්ඩප ගොඩනගන්නේ කිනම් පදනමක් යටතේද, විශ්ව විද්‍යාලය ඇතුළත අධ්‍යාපන නිදහස ආරක්‍ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ක්‍රියා කිරීම සඳහා අපට විධිමත් සහ පිළිගත් වැඩපිළිවෙළක් තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා ලෙස 2002 – 2004 වකවානුවේ දී මම ක්‍රියාත්මක කළ ආර්ථික ක්‍රමයට විරෝධය පළ කළ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කණ්ඩායමක් මට චෝදනා එල්ල කරමින් කියා සිටියේ සටන් විරාම ගිවිසුම මගින් මා රට පාවා දෙන බවයි.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ඒ චෝදනාවලට අප පැහැදිලි සහ විධිමත් පිළිතුරු ලබා දුන් නමුත් කිසිම අවස්ථාවකදී ඒ අය පැහැර ගැනීම සඳහා සුදු වෑන් යැව්වේ නැහැ. අප එසේ ක්‍රියා කළේ විශ්ව විද්‍යාලය තුළ සෑම අදහසක්ම නියෝජනය විය යුතු නිසයි. රටක් ඉදිරියට යන්නේ ඒ අදහස් සහ යෝජනා එකට ගැටීමෙන් මතුවන අලූත් මානයන් ඔස්සේයි.
අමෙරිකාවේ බොස්ටන් නගරයේ හාවඩ් විශ්ව විද්‍යාලය, බොස්ටන් විශ්ව විද්‍යාලය සහ එම්.අයි.ටී. විශ්ව විද්‍යාලය ඇතුලූ ලෝක ප්‍රසිද්ධ විශ්ව විද්‍යාල හතරක් පමණ තිබෙන අතර ඒ විශ්ව විද්‍යාල ඇතුලත විශාල වාද විවාද සහ මත ගැටුම් තිබෙනවා. මේ වාද විවාද සහ මත ගැටුම් ආදියේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ දී සිදු වන්නේ රටක් ලෙස අමෙරිකාව ශක්තිමත් වීමයි. විද්‍යාව, දේශපාලනය, ආර්ථිකය, නීතිය, දර්ශනය සහ සාහිත්‍ය ආදී විෂයයන් සම්බන්ධ මේ මත එකට ගැටීමෙන් අමෙරිකාව නව සොයා ගැනීම් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් ශක්තිමත් වනවා.
විශ්ව විද්‍යාල ඇතුළත ඒ වාද විවාද සහ මත ගැටුම් අප ආරක්‍ෂා කළ යුතු අතර විශ්ව විද්‍යාල සංවර්ධන නීතියක් ද අපට අවශ්‍ය වනවා. ඒ අනුව විශ්ව විද්‍යාල සංවර්ධනය කිරීම සඳහා අවුරුදු 10 සැලැස්මක් අවශ්‍ය වන අතර ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය පරිදි යෙදවිය යුතුයි.
පාසල් අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය තහවුරු කරන අතර ඒ ස¼දහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන යෙදවීම ඇතුලූ කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තිය යටතේ තහවුරු කර තිබෙන සියලූ දෙනාටම අධ්‍යාපනය ලැබීමට තිබෙන අයිතිය අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ තහවුරු කළ යුතු යැයි යෝජනා කරමින් එක්සත් ජාතික පක්‍ෂ සභාපති කබීර් හෂීම් මහතා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එම නිසා නිදහස් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල පද්ධතිය බේරා ගැනීමට නම් මුළින්ම කළ යුත්තේ අප සියලූ දෙනාම එකට එක්වී ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය පන්නා දැමීමයි. රටේ විශාලතම දේශපාලන සංවිධානය ලෙස එක්සත් ජාතික පක්‍ෂය මේ සටනට දායකත්වය දිය යුතු අතර ජාතික යොවුන් පෙරමුණ සහ සරසවි යොවුන් පෙරමුණ ද සියලූ දෙනා සමගම ඊට එක්විය යුතුයි.
නිවැරදි කවුරුන් ද, වැරදි කවුරුන් ද කියා විශ්ව විද්‍යාල බේරා ගත්තාට පසුව විශ්ව විද්‍යාලය ඇතුළත දී වාද විවාද කිරීමට සියලූ දෙනාටම හැකියාව තිබෙනවා. ඊට පෙර කළ යුත්තේ විශ්ව විද්‍යාල බේරා ගැනීම සඳහා ඒකාධිපති රෙජීමය පන්නා දැමීමයි.
මේ අවස්ථාවට ජාතික යොවුන් පෙරමුණේ සභාපති, එක්සත් නායකත්ව මණ්ඩල නායක සභික සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන සහ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.
 
Statement issued by Hon. Karu Jayasuriya, Chairman of the Leadership Council, UNP PDF Print E-mail
According to Buddhist belief, natural disasters such as famine, floods and untimely rains occur in a country when it is ruled by unjust, wicked, corrupt and dishonest rulers. Isn't that what is happening in our motherland today? I have no intention whatsoever to gain any political advantage from the disasters that our land is facing today, yet it must be emphasized that the pitiful victims of all these disasters are our innocent people who have been subjected to untold injustice and they remain helpless. If one pays even scant attention to what's been happening recently in the country, it is patently obvious that the rulers of today have totally forgotten the fact that it was on the shoulders of the people they rode to power.
Instead of being sensitive to the needs of the people and attempting to solve many a problem that the people are confronted with today, the ruling cabal has chosen to ignore the people, their dire desires and problems and wants. But history bears testimony to the undisputed fact that those rulers who disregard the needs of the subject people would not rule for a long time although those rulers might think and plan otherwise. In that context, it looks like the end of the coalition Government led by the United People's Freedom Alliance (UPFA) has begun in earnest.
At this very moment of penning these woeful thoughts, we have lost a minimum of 25 lives due to inclement weather conditions that prevailed in the country during the last week or so. 33549 men, women and children belonging to 7592 families have been displaced and become roaming refugees of these disastrous weather conditions. These statistics alone tell us a grim story that is only a part of the plight of our people. 
We believe that it is almost impossible to avert disasters caused by natural weather conditions, but failure on the part of our officialdom to make adequate preparations for such disasters is unforgivable.
In the subcontinent, Sri Lanka ranks third among those who are affected by natural disasters. To deal with such disasters, we have established a special Ministry with adequate financial appropriations, yet the question remains whether these Ministries and monies allocated are being put to efficient and sensible use by those who are charged with the responsibility to do so.
Simply stated, it is with utmost sadness that we record that the authorities failed even to issue an elementary warning signal to those who lived in the most vulnerable locations where such disasters occurred. It will be almost impossible to accurately ascertain the true financial value of those lives lost and properties damaged and destroyed. But it is very necessary that a proper assessment is made of these disasters in order to manage such cataclysmic events in the future. One cannot deny the economic impact these disasters would entail and the ominous forecast made by the Asian Development Bank that by 2016 this country stands to lose investments amounting to 4.3 billion if disaster management is not properly executed should be borne in mind by all. 
It is in this context that we state that the current President and his governing cabal have no sense of responsibility towards the welfare of the nation. Although we faced many natural disasters in the last few years, it is apparent that we have made no attempt whatsoever to put in place a properly planned and conceptualized disaster management process; nor have shown any inclination to do so. No ruler has any moral right to abdicate the responsibility of protecting his people from disasters, natural or otherwise. It's high time that the present rulers realized that.
Even though the rulers looked the other way, majority of our people who have been disciplined by their respective religions did go out of their easy ways to lend a helping hand to those who needed it and those good Samaritans, unlike the ruling clan, would have a conscientious sleep each night. 
The situation at our centers of learning, Universities, is even more dangerous. Both students and teaching staff of our Universities have entered a battlefield of sorts to win their own rights and privileges. What happened in the Ruhunu University last week was indeed tragic and the involvement of outside elements in the handling of University affairs and executing an all-out assault on the students should be condemned by all. The independence of our University system was shattered; a protest against the holding of 'Deyata Kirula' is legitimate and inalienable right of each and every student of the Ruhunu University. But the authorities responded to this democratic expression of a thinking process in the most repressive and draconian manner, to say the least. On top of all that, the Minister of Higher Education declared in the most unruly (and in his usual uncouth) manner that those who protested against the Deyata Kirula hosting would have to find alternative dwelling places. The local 'gundas' got the green light from such statements made by the higher-ups and resorted to physically beating the University students in the most brutal manner and form. The Police once again became mere spectators. It is indeed most tragic that a political program such as 'Deyata Kirula' which has not generated one single opportunity for gainful employment has already caused such social havoc in the South of our country.
The University had to be closed for months in the wake of the Wayamba University hosting the last 'Deyata Kirula'; the Ruhunu undergrads decided they would not allow that disaster to repeat itself on their own campus.
The fate of the University Dons is even more telling and demands immediate resolution. The University academics had to resort to union action last week after realizing that they had been taken for a big 'ride' by the Government. After reneging on the pledges given to the academics by the authorities, the situation turned a corner, making it amply obvious that the rulers are not interested in finding a solution to the many problems faced by the whole of University fraternity- academics, students and staff. It is a great betrayal of the country's intelligentsia that the rulers have paid no attention whatsoever and allowed a monumental brain-drain for our shores simply because the legitimate demands of our academics are not even half-way met. A mere boast of making Sri Lanka a 'center of learning' in Asia is like a mirage and the current rulers are notorious for such empty rhetoric.
All this and more reveal that the rulers of today are utterly incompetent to bring about solutions to many problems the country is facing today. "While a politician focuses on the next election, a true statesman looks at the next generation"; such golden words are quite alien to today's rulers of Sri Lanka. We need not be surprised by the total incompetence and lack of aptitude shown by the current rulers who are bereft of all professionalism and good governance. That indeed is a great tragedy.

2014.06.06

 
එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්රීන කරු ජයසුරිය මහතා නිකුත් කළ නිවේදනය. PDF Print E-mail
“රාජා භවතු ධම්මිකෝ” යන බුද්ධ දේශනාවේ සදහන්ව ඇති මා හැඟි පාඨය මේ මොහොතේ රටේ මතුව ඇති තත්ත්වය දෙස කල්පනා කර බලද්දී මගේ මනසට පැමිණියේ නිරායාසයෙනි. 
අකලට වැසි වසිනුයේ, ගංවතුර, දුර්භික්ෂ තර්ජන ඇති වනුයේ, පාලකයා අධාර්මික වූ බවට අදහසක් බෞද්ධ සාහිත්යනයේ සඳහන් වේ. ශ්රීෂ ලංකාව තුළ මේ මොහොතේ සිදු වෙමින් තිබෙනුයේ ද එයම නොවේ ද? එසේ පවසමින් දේශපාලන සතුටක්, වාසියක් ලැබීමේ කිසිදු අදහසක් අපට නොමැත. නමුත් මෙහි ඇති කණගාටුදායක කරුණ වනුයේ මේවාට කිසිදු සම්බන්ධයක් නොමැති අසරණ ජනතාව ඒවාහි වින්දිතයන් බවට පත්ව තිබීමය. විශේෂයෙන්ම පසුගිය දින කිහිපයේ රටේ සිදු වු ප්රාධාන සිදුවීම් දෙස සෝදිසියෙන් අවධානය යොමු කරන විට පෙනී යන වැදගත්ම කරුණක් වනුයේ රටේ පාලකයන්ට තමන් එතැනට ගෙන ආ ජනතා බලවේගය පිලිබඳව හැඟීමක්, තැකීමක් නොමැති බව නොවේ ද?
රටේ ජනතාවට බලපාන සැබෑ ප්ර ශ්න පිළිබඳ සංවේදී වී රටේ භාරකරුවා ලෙස ඒවා විසදීම වෙනුවට වත්මන් පාලකයින් අද කරමින් සිටිනුයේ ඒවා මුළු මනින්ම අමතක කර, කටයුතු කිරීමය. නමුත්, ජනතාව අමතක කළ පාලකයෙකු කිසිදා දිගු දුරක් ගමන් කර නොමැති බව ලෝක දේශපාලනය සාක්ෂි සපයයි. ඒ අර්ථයෙන් බලන විට එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ අවසානයක ආරම්භය දැන් සිදුව තිබේ. 
මේ සටහන තබන මොහොත වන විට පසුගිය දින කිහිපයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසාවෙන් රටට අහිමි වූ ජිවිත ගණන 25 ක් පමණ වී තිබුණි. ඊට අමතරව පවුල් 7592 කට අයත් පුද්ගලයින් 33549 ක් ද රටේ දිස්ත්රි5ක්ක 7 කට දැඩි බලපෑමක් ගෙන ආ මේ කාලගුණික විපර්යාසය නිසාවෙන් පීඩාවට පත්ව තිබුණි. මේ සංඛ්යා ලේඛණ අපට පෙන්නුම් කරනුයේ ඇතිව තිබෙන තත්ත්වයේ බරපතලතාවයි.
ස්වාභාවික ව්යලසන පාලනය කිරීම අතිශය දුෂ්කර රාජකාරියක් වන මුත් වගකිව යුතු බලධාරීන් නිසි ආකාරයට අදාළ දැනුවත් කිරීම් සිදු කළේ නම් මේ සා විශාල හානියක් “ගංවතුරට” කළ නොහැකි බව අපගේ විශ්වාසයයි. 
දකුණු ආසියානු කලාපයේ ස්වාභාවික විපත් අතින් තෙවනුව වැඩිම බලපෑමක් ඇති ශ්රී” ලංකාවේ ඒ සම්බන්ධයෙන් ක්රිභයා කිරිමට වෙනමම වූ අමාත්යංමශයක් හා ආයතනික ව්යරහුයක් ස්ථාපිත කර ඇතිමුත් ඒවායින් සැබෑ කාර්යක්ෂම සේවාවක් සිදුවනවා ද යන සාධාරණ ප්ර ශ්නය සිදු වූ විපතේ සංකීර්ණතාව සමඟ ඕනෑම කෙනෙකු තුළ මතු වේ. 
සරළව පැවසුවහොත් ඇති වූ “විනාශය” පිළිබඳ අවම තරමින් අනතුරු ඇගවීමේ සංඥාවක් හෝ නිකුත් කිරීමට බලධාරීන් අසමත් වීම, කණගාටුදායකය. අනිවාර්යයෙන්ම මෙම අයහපත් කාලගුණික තත්ත්වය නිසාවෙන් රටට අහිමි වූ ජිවිත හා සම්පත් ප්රයමාණය මුදලට තක්සේරු කළ නොහැකිය. එසේ වුවත් මෙබදු ස්වාභාවික ව්යමසන නිසි ලෙස කළමනාකරණය කිරීම ආර්ථික වශයෙන් ද වැදගත් වනුයේ මෙහි ආර්ථික බලපෑමක් ද ඇති බැවිනි. 2013 වසරේ දී ආසියානු සංවර්ධන බැංකුව පවත්වන ලද වැඩමුළුවක දී අවධාරණය කර තිබුණේ ස්වාභාවික ව්ය0සන පිලිබද නිසි කළමනාකරණයක් නොමැති වුවහොත් 2016 වන විට මෙරට සිදු විය හැකි ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 4.3 ක් පමණ අහිමි වීමට එය හේතුවක් විය හැකි බව ය. 
වත්මන් ජනාධිපතිවරයා ප්රැමුඛ රජයට තම රට වැසියන්ගේ ජිවිත පිළිබද කිසිදු වගකීමක් නැති බව අප පවසනුයේ මේ තත්ත්වය තුළ ය. පසුගිය කාලයේ හදිසි ආපදා තත්ත්ව ගණනාවකටම අප මුහුණ දුන්න ද, මෙබඳු අවස්ථාවකට මුහුණ දීමේ කිසිදු සැලැස්මක් රජයට නොමැති බව මෙවර ද මනාව පෙනී ගියේය. ජනතාවගේ ජිවිත පිලිබද වගකීමෙන් පිටපැනීමේ කිසිඳු සදාචාරාත්මක හැකියාවක් පාලකයෙකුට නොමැත. එය වත්මන් පාලකයන් තේරුම් ගත යුතුය.
පාලකයන් එසේ අහක බලා ගත්ත ද බුදු දහම ඇතුළු සෙසු ආගම්වලින් ලද ශික්ෂණය සහිතව තම දිවි පැවැත්ම පවත්වා ගෙන යන බහුතරයක් ලාංකිකයින් මේ දුෂ්කර අවස්ථාවේ දී විපතට පත්වූවන් ට සහාය දැක්වීමට ඉදිරිපත් වූයේ තම හෘද සාක්ෂිය ප්රේශ්න කිරිමට ඉඩ නොතබිමිනි. 
දැනුමේ කේන්ද්රටස්ථානය ලෙස සැලකෙන රටේ විශ්ව විද්යා ල පද්ධතිය තුළ අද ඇතිව ඇති තත්ත්වය ඊටත් වඩා භයංකාරය. විශ්ව විද්යාෙල ආචාර්ය ප්ර ජාව සේම ශිෂ්යළ ප්ර ජාව ද මේ වන විට තම අයිතීන් වෙනුවෙන් සටන් බිමට අවතීර්ණ වී සිටිති. විශේෂයෙන්ම පසුගිය දා රුහුණු විශ්ව විද්යාපලය ආශ්රි තව ඇති වූ තත්ත්වය අතිශයින්ම ඛේදනීය වූ අතර, පිටස්තර බලවේග මැදිහත්ව සරසවි සිසුන්ට කළ පහර දීම විශ්ව විද්යා ල ස්වාධිනත්වයට මේ මොහොතේ එල්ල වී ඇති බරපතළ තර්ජනයේ ප්ර කාශනයක් විය. දැයට කිරුළ සංදර්ශනය තම විශ්ව විද්යා ල පරිශ්රලයේ පැවැත්වීමට සුදානම් වීමට එරෙහිව සරසවි සිසුහු විරෝධය පළ කළේ සම්මත ප්රනජාතන්ත්රීහය ආකාරයට ය. නමුත්, ඊට වගකිවයුතු බලධාරීන් ප්රහතික්රිපයා දැක්වුයේ ඒ ආකාරයට නොවේ. දැයට කිරුළ රුහුණු විශ්ව විද්යාුලයේ පවත්වනවාට විරුද්ධ වූ සිසුන්ට හා දෙමව්පියන්ට හැංගෙන්න තැන් සොයා ගැනීමට සිදු වන බව රටේ උසස් අධ්යාතපන අමාත්යළවරයා ප්රුසිද්ධියේ තර්ජනය කිරීම මේ සම්බන්ධ තීරණාත්මක පියවරක් විය. “ඉහළින්” ලද ඒ ආශිර්වාදය සමගින් රජයට සම්බන්ධ ප්රා්දේශිය දේශපාලනඥයන් “කඩුව” අතට ගත්තේ ඉන් පසුවය. රුහුණු සරසවි සිසුනට රජයට සම්බන්ධ ප්රාපදේශිය දේශපාලනඥයන් ප්රඅහාර එල්ල කළේ පොලිසිය බලා සිටිය දී වීම පෙන්නුම් කළේ මෙරට පොලිස් සේවාව අද පත්ව ඇති ඛේදජනක තත්ත්වයයි. දැයට කිරුළ වැනි එකදු රැකියාවක් හෝ රටේ ආර්ථිකයට ජනනය කර නොමැති අසාර්ථක දේශපාලන ව්යාලපෘතියක් නිසාවෙන් විශ්ව විද්යාකල සිසුන් මේ ආකාරයට පීඩාවට පත්වීම සැබැවින්ම ඛේදනීයය. 
අවසන් වරට පැවැති දැයට කිරුළ වෙනුවෙන් වයඹ විශ්ව විද්යාිලය සම්බන්ධ කර ගත් නිසාවෙන් මාස කිහිපයක් එම විශ්ව විද්යාුලය වසා දැමූ අතර, එබදු “ආනිසංසයක්” තම විශ්ව විද්යාාලයට අත් නොවීමට වග බලා ගැනීම වෙනුවෙන් රුහුණේ සිසුන් පෙරට විත් තිබුණි. 
විශ්ව විද්යාවල ආචාර්යවරුන්ගේ ප්රසශ්නයේ තත්ත්වය ද ඊට දෙවැනි නොමැත. රටේ විශ්ව විද්යා ල ක්රිවයාවලියේ වෙනස්කම් සිදු කරත්දී ආචාර්යවරුන්ගේ සංගමය සමග සාකච්ඡා කොට ඒවා කරන බවට පොරොන්දුවක් රජය මීට පෙර ලබා දී තිබිය දී එය නොතකමින් ක්රිඡයා කරන බව පවසමින් ආචාර්යවරුන්ගේ සංගමය පසුගියදා වැඩ වර්ජනයක නිරත විය. විශ්ව විද්යාඡල ආචාර්යවරුන්ගේ එම සාධාරණ ඉල්ලීම් පිලිබඳ නිහඩ පිළිවෙතක් බලධාරීන් අනුගමනය කිරිම සහතිකවම රටේ විශ්ව විද්යා ල පද්ධතියේ ස්ථාරවරත්වයට කරන බලවත් තර්ජනයකි. විශාල බුද්ධි ගලනයක් සිදු වන රටක සුවපහසු ලාබදායී රැකියා අවස්ථා සදහා විදේශගත නොවී තව දුරටත් මෙරට රැදී සිටින සරසවි ආචාර්ය ආචාර්යවරුන්ගේ ගැටළු පිලිබද ධනාත්මක ප්රදතිචාරයක් බලධාරීන් නොදක්වයි නම් එය පැහැදිලිවම අවසාන විග්රථහයේදී රටට කරන ද්රෝ හිකමකි. විශ්ව විද්යාිල ආචාර්ය සංගමය 2012 වසරේ සිට නොකඩවා තම ඉල්ලීම් අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති අතර, ඒවාට කන් දීම වෙනුවට කරන්නට සෙසු බොහෝ වැඩ තමනට ඇති බව රජය දිගින් දිගටම පෙන්වමින් සිටියි. ශ්රීද ලංකාව ආසියාවේ දැනුමේ කේන්ද්ර ස්ථානය බවට පත්කරන බවට පාරම්බාමින් සිටින රජයක් රටක බුද්ධිමතුන්ට සලකමින් සිටිනුයේ ඒ ආකාරයට ය. 
මේ සියළු සිදුවීම්වලින් පැහැදලිවම පෙනෙන්ට ඇත්තේ රජයක් ලෙස වත්මන් පාලනයට ඇති නොහැකියාවේ තරමය. වෘත්තිමයභාවය, රාජ්යග තාන්ත්රිනකභාවය පිලිබද ගැටළුවය. “දේශපාලනඥයා කල්පනා කරනුයේ ඊලග මැතිවරණය පිලිබදවය. නමුත් රාජ්යජ තාන්ත්රිරකයා සිතනුයේ ඊලග පරපුර පිලිබඳව ය.” ඒ සුප්රවකට කියමන මේ අවස්ථාවේ මට සිහි වේ. කිසිදු වෘත්තිමය භාවයක් රාජ්යත තාන්ත්රිඳකභාවයක් නොමැති වත්මන් රජය රටේ සාමාන්යෙ ජන ජීවිත පිලිබද සැලකිලිමත් වෙමින් රටේ මතු පරපුර පිලිබද අවධානය යොමු කරමින් කටයුතු නොකිරිම පිලිබද එක් අතකින් අප පුදුම නොවිය යුත්තේ එය ඔවුන්ගේ ක්රමමය නොවන බැවිනි.

2014. 06. 05

 
මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ පාර්ලිමේන්තු දේශපාලන දිවියට වසර 25 ක් පිරීම නිමිත්තෙන් මොණරාගල මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති රංජිත්් මද්දුමබණ්ඩාර අභිනන්දන උපහාර උළෙලේදී 2014.05.31 දින එක්සත් ජාති PDF Print E-mail
දේශපාලනඥයින් ලෙස පාර්ලිමේන්තුවට පත් වන පුද්ගලයින් වර්ග තුනකට බෙදිය හැකියි. පළමු පිරිස මල් වෙඩි වගෙයි. එනවා පත්තු වෙනවා, නිවෙනවා ඊට පස්සේ සොයා ගන්නවත් නැහැ. දෙවැනි කණ්ඩායම පැමිණිලා බැබළෙනවා. එහෙත් කාලයක් යන කොට ඒ බැබළීම නැති වෙනවා. අපේ ගමේ භාෂාවෙන් කියනවා නම් ෂයින් එක නැති වෙනවා. සිතා මතා හෙමින් සීරුවේ ගමන් කරන්නේ තුන්වැනි කණ්ඩායමයි. රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීතුමත් එම තුන්වැනි දේශපාලන කණ්ඩුයමට අයිති පුද්ගලයකු ලෙස හැ¼දින්විය හැකියි. 
මම රංජිත් මද්දුමබණ්ඩාර පිළිබඳ මුලින්ම දැන ගත්තේ සමවාදී ශිෂ්‍ය පෙරමුණේ ක්‍රියාකාරිකයකු ලෙස සිටියදීයි. ඊට පසුව එතුමා සංවර්ධන සභාවට තේරී පත් වුණා. ඉන් පසුව පළමු උඣීව පළාත් සභාවේ ඇමැතිවරයකු ලෙස සිටියදී 1989 මහ මැතිවරණයෙන් එතුමා පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. තිස්ස අත්තනායක, ලක්‍ෂ්මන් කිරිඇල්ල වැනි අයත් සමග එතුමා පාර්ලිමේන්තුවට තේරී පත්වී එන විට මට සහානායක තනතුර හිමි වුණා. 
පාර්ලිමේන්තුවේ දී කථිකයින්ගේ නම් සකස් කිරීම මමත් වින්සන්ට් පෙරේර මහතාත් සිදු කළා. අලූතින් පාර්ලිමේන්තුවට පැමිණි අයට අවස්ථාව ලබා දෙන ලෙස පේ‍ර්මදාස ජනාධිපතිතුමා අපට උපදෙස් ලබා දුන්නා. ඒ උපදෙස් අනුව ක්‍රියා කරද්දී රංජිත් මද්දුමබණ්ඩාර මහතා බොහෝ දක්ෂතා පෙන්වමින් ඉදිරියට පැමිනුණා. තිස්ස අත්තනායක මහතා ද එලෙස ඉදිරියට ගියා. රංජිත් මද්දුමබණ්ඩාර මහතා අමාත්‍යවරයකු නොවුණත් එදා පාර්ලිමේන්තුවේදී විශාල වැඩ කොටසක් සිදු කළා. පාර්ලිමේන්තුවේදී විපක්‍ෂයට පහර ගැසීමට අවශ්‍ය වුණාම රංජිත් මද්දුමබණ්ඩාර වැනි කථිකයින් ඒ සඳහා යොදවන්නැයි වින්සන්ට් පෙරේරා මහතා ඒ දිනවල මට දැනුම් දෙනවා. 
රණසිංහ පේ‍ර්මදාස ජනාධිපතිවරයා ඝාතනයට ලක්වූ අවස්ථාවේදී ජනාධිපති ධූරයේ සහ අග්‍රාමාත්‍ය ධූරයේ පුරප්පාඩු පිරවීමේදී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මට විශාල ශක්තියක් වූ බව කිව යුතුයි. ආණ්ඩුවේ සිටිනවාට වඩා දේශපාලනයේදී විශාල පලපුරුද්දක් ලැබෙන්නේ විපක්‍ෂයේ සිටියදීයි. ඒ කඩඉම පනින්න හැකියාවක් තිබෙනවා නම් ඕනෑම අභියෝගයක් බාර ගැනීමේ ශක්තිය ඒ පුද්ගලයාට තිබෙනවා. කෙටි කාලයක් ආණ්ඩුවේ සිට වැඩි කාලයක් විපක්‍ෂයේ සිටින රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ඒ අවබෝධය සහ අත්දැකීම හො¼දින්ම තිබෙනවා. ආණ්ඩුවේ සිටි කෙටි කාලයේදී රංජිත් මද්දුමබණ්ඩාර පොල් සහ රබර් වගාව මේ ප්‍රදේශවල ව්‍යාප්ත කිරීමේ වැඩකටයුතු ආරම්භ කළ නමුත් එතුමාටත් අපටත් යළි විපක්‍ෂයට යාමට සිදු වුණා. 
මේ දේශපාලනයේදී එක්සත් ජාතික පක්‍ෂයේ සිටින විට එතුමාත් මමත් විවිධ කරුණු කාරණා සම්බන්ධයෙන් එකඟවන සහ විරුද්ධ වන අවස්ථා තිබුණත් මේ ගමන අප සියලූ දෙනාම එකට එක්ව එක්සත්ව ඉදිරියට යනවා. 
රංජිත් මද්දුමබණ්ඩාර මහතා සිය පාර්ලිමේන්තු දේශපාලන ගමනේ අවුරුදු 25 ක් සපුරන මේ මොහොතේදී අපි එතුමාටත් එතුමාගේ භාර්යාව සහ දූදරුවන් ඇතුළු පවුලටත්, මේ ජනතාවටත් සුබ ප්‍රාර්ථනා කරන අතර නුදුරු අනාගතයේදීම මෙවැනි උපහාර උළෙලක් යළිත් පැවැත්වීමට සිදු වන බවට කිසිම සැකයක් ඇත්තේ නැහැ. 
ඓතිහාසික උඣීව වෙල්ලස්සෙන් රටට විද්වතුන් දායද කිරීමේ කාර්ය භාරයට විශේෂ දායකත්වයක් ලබා දුන් පුද්ගලයින් අතරින් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සුවිශේෂී පුද්ගලයකු වනවා. 1977 ට පෙර උඣීව වෙල්ලස්ස ප්‍රදේශයෙන් කිසිදු ඉන්ජිනේරුවකු හෝ වෛද්‍යවරයකු බිහි වුණේ නැහැ. කිසිම අනාගතයක් නොමැති තරුණ තරුණයින් පිරිසක් එකට එකතු වී 1971 දී උඣී වෙල්ලස්සේ වැල්ලවාය පොලිසියට පහරදුන් බව අපි දන්නවා. 
විශ්ව විද්‍යාල ක්‍රමය සම්පූර්ණයෙන්ම අපි යළි සකස් කරන අවස්ථාවේදී විශ්ව විද්‍යාලයට ඇතුළුවීමේදී දිස්ත්‍රික්ක කෝටාව පමණක් නොව අඩු සම්පත් සහිත ප්‍රදේශවලට තවත් විශේෂ කෝටාවක් ලබාදී ඒ යටතේ ද මේ උඣීව වෙල්ලස්ස වැනි දුෂ්කර ප්‍රදේශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්ව විද්‍යාලයට ඇතුළත් කරගත යුතු බව ධර්මදාස බණ්ඩා මහතා එදා අප සමග තර්ක විතර්ක කරමින් අපට පෙන්වා දුන්නා. 
සුද්දන් මේ උඣීව වෙල්ලස්ස සම්පූර්ණයෙන්ම විනාශ කළාට පසුව මේ ප්‍රදේශයෙන් බිහි වූ පළමු නීතිඥයා වන්නේ ධර්මදාස බණ්ඩා මහතා වන අතර මගේ මතකයේ හැටියට ඒ 1975 දීයි. 1948 ජාතික නිදහස දිනාගත් පසුව වන්නිය සහ මුලතිව් ප්‍රදේශවලින් පවා නීතිඥයින් ඇතුළු විද්වතුන් බිහි වුණත් මේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් 1975 වන විටත් එවැනි විද්වතුන් බිහි වුණේ නැහැ. 
අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් එවකට මම ක්‍රියා කරද්දී ධර්මදාස බණ්ඩා මැතිතුමාත්, පුංචි බණ්ඩා මැතිතුමාත් මේ ප්‍රදේශවල පාසල් සඳහා වැඩි පුර විද්‍යා ගුරුවරුන් ඉල්ලා ලබා ගත් අතර, මම මේ පාසල් සඳහා ඉංග්‍රීසි ගුරුවරුන් ද වැඩි පුර ලබාදීමට කටයුතු කළා. 
මොණරාගල දිස්ත්‍රික් සංවර්ධන සභාවේ සභාපතිවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා පුහුණුවීමේ වැඩසටහන් මගෙන් එදා ඉල්ලා සිටි අතර චරිත රත්වත්තේ මහතා මාර්ගයෙන් ඒ තරුණ වැඩසටහන් මොණරාගලට අප ලබා දුන්නා. එමෙන්ම මොණරාගල මැදගම විද්‍යාගාර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එදා විශාල ජනකායක් එක්රොක් වී සිටි අතර එමගින් පැහැදිලි වූයේ මේ ජනතාව අතර තිබුණු පිපාසයයි. 
අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස එදා මම ක්‍රියා කළ කාලයේදී ආරම්භ කෙරුණු ජාතික පාසල් වැඩසටහන යටතේ උඣීව වෙල්ලස්සට එක ජාතික පාසලක් නොව ජාතික පාසල් 10 ක් ලබා ගැනීමට රංජිත් මද්දුමබණ්ඩාර මහතා දක්‍ෂ වුණා. මැදගම සහ වැල්ලවායේ අප කාර්මික විද්‍යාල දෙකක් ආරම්භ කළ අතර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ද ඇති කළා. මේ උඣීව වෙල්ලස්සේ දියුණුව ඇති වූයේ මේ ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුව වන අතර 1990 වන විට මොණරාගලින් ඉන්ජිනේරුවන් සහ වෛද්‍යවරුන් ඇතුළු විද්වතුන් බිහි වනවා අපි දුටුවා. 
ජනාධිපති රණසිංහ පේ‍ර්මදාස මහතා බුත්තල ගම්උදාව ක්‍රියාත්මක කළාට පසුව රංජිත් මද්දුමබණ්ඩාර මහතා එතුමාගෙන් විශ්ව විද්‍යාල මණ්ඩපයක් ඉල්ලා සිටියා. සබරගමුව විශ්ව විද්‍යාලය මේ බුත්තල විශ්ව විද්‍යාල මණ්ඩපය ආරම්භ වූයේ ඒ අනුවයි. 
චන්ඬිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති වූවාට පසුව උඣීව වෙල්ලස්ස ආරම්භ කළා. එම විශ්ව විද්‍යාලය උඣීව වෙල්ලස්ස විද්‍යාලය ලෙස නම් කළේ එදා බුත්තල විශ්ව විද්‍යාල මණ්ඩපය ආරම්භ කළ නිසයි. 
කළුතර, පුත්තලම සහ මාතලේ යන දිස්ත්‍රික්ක මොණරාගලට වඩා දියුණු වුවත් එම දිස්ත්‍රික්කවල විශ්ව විද්‍යාලයක් හෝ විශ්ව විද්‍යාල මණ්ඩපයක් ඇත්තේ නැහැ. රංජිත් මද්දුම බණ්ඩාර මහතා 1977 සිට මොණරාගල ඇතුළු මේ උඣීව වෙල්ලස්සේ ඇති කළ දියුණුව 1994 න් පසුව චන්ඬිකා කුමාරතුංග ආණ්ඩුවත්, මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවත් ඉදිරියට ගෙන ගියා. 
1977 දී රටට අප හඳුන්වා දුන් අලූත් ක්‍රමයට මේ වනවිට අවුරුදු 37 ක් සම්පූර්ණ වී තිබෙනවා. විවිධ දේශපාලන ඒ ඒ ආණ්ඩු යටතේ මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. නමුත් ඒ ක්‍රමයේ අඩුපාඩු මේ වන විට අපට පෙනෙන අතර, ඒ ගැන අලූතින් සිතා බැලිය යුතුයි. අවුරුදු 25 ක් මුළුල්ලේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් දේශපාලනය කරන රංජිත් මද්දුමබණ්ඩාරලා වැනි පුද්ගලයින්ට මේ ප්‍රශ්න ගැන ගැwුරින් සිතිය හැකියි. 
වර්තමානයේ තිබෙන දේශපාලන, ආර්ථික සහ සමාජ ක්‍රමයේ අඩු පාඩු පිළිබඳව අප සියලූ දෙනාම හො¼දින් කල්පනා කළ යුතුයි. 1948 දී ඩී.එස්. සේනානායක මැතිතුමා යටතේ අප ඇති කළ ක්‍රමය 1977 දී අපම වෙනස් කළේ එම ක්‍රමයේ අඩු පාඩු අප දුටූ නිසයි. 
වර්තමාන ක්‍රමයේ තිබෙන අඩු පාඩු ගැන එක්සත් ජාතික පක්‍ෂය පමණක් නොව මහා සංඝරත්නය ප්‍රධාන සර්වාගමික නායකයින් ද ආණ්ඩු පක්‍ෂයද අනෙකුත් දේශපාලන පක්‍ෂ ද සිතමින් සිටිනවා. ආර්ථික දියුණුවක් ඇති කර මධ්‍යම පන්තියට වැඩි ප්‍රතිලාභ ලබා දෙන්නේ කෙසේද කියා අප සිතිය යුතුයි. නව රැකියා අවස්ථා ඇති කරන්නේ කෙසේද, පළාත් පාලන ආයතනවල ප්‍රශ්න විසඳන්නේ කෙසේද යන ප්‍රශ්න මතු වී තිබෙන අතර, පළාත් සභා ක්‍රමය අවශ්‍ය දැයි කියා සමහරුන් ප්‍රශ්න කරනවා. මනාප සහ කේවල මැතිවරණ ක්‍රම, අධිකරණය සහ රාජ්‍ය සේවය ගැන කතා කරන අප පාර්ලිමේන්තු ක්‍රමය සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරමින් සිටිනවා. 
විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය ද නැද්ද යන්න සම්බන්ධයෙන් විශාල වාදයක් ඇති වී තිබෙන අතර, ඒ ක්‍රමය අහෝසි කළ යුතු යැයි සමහරුන් කියනවා. එමෙන්ම තවත් අය කියා සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමයට සංශෝධන එකතු කළ යුතු බවයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන නව පාලන ක්‍රමයක් රටේ ස්ථාපිත කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂය ලෙස අප රටට ජනතාවට කියා තිබෙනවා. 
මේ කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සියලූ දෙනාගේ අදහස් සහ යෝජනා ලබා ගත යුතු අතර, අපේ කතා නායක චමල් රාජපක්‍ෂ මහතා ද මේ කරුණු කාරණා ගැන කල්පනා කරන බව කිව යුතුයි. පාර්ලිමේන්තුවේ කතා නායකවරයා ලෙස එතුමා පක්‍ෂ දේශපාලනයට ගෑවෙන්නේ නැහැ. අපේ පැත්තේ වගේම ආණ්ඩුව පැත්තේත් වැරැදි සහ අඩුපාඩු ගැන පාර්ලිමේන්තුවේදී එතුමා කතා කරනවා. 
මේ කරුණු කාරණා ගැන සංවාද කරමින් ඉදිරියට වැඩ කටයුතු කරන අවස්ථාවේදී කතා නායකතුමාගේ උපදෙස් සහ ආධාරත් අනාගතයේදී අපට ලැබේවි යැයි අප විශ්වාස කරනවා. සමාජයේ විශාල විපර්යාසයක් සිදු විය යුතුව තිබෙන අතර වර්තමාන ක්‍රමය නැමැති වාහනයෙන් යා හැකි දුර අප ගොස් අවසානයි. එමෙන්ම ඒ වාහනයේ ඇන්ජිම කීපවතාවක්ම අලූත් වැඩියා කර තිබෙන අතර, අවස්ථා ගණනාවකදීම ටයර්වලට පැලැස්තර ද යොදා තිබෙන නිසා අප ඉදිරියට යා යුත්තේ කිනම් වාහනයකද, ඒ කෙසේ ද කියා අප සිතිය යුතුයි.

 
එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී් කරු ජයසුරිය මහතා නිකුත් කළ නිවේදනය. PDF Print E-mail
එක්සත් ජනතා නිදහස් සන්ධානය රජයක් ලෙස මුහුණ දෙමින් සිටින අර්බුද එහි කූටප්රාමප්තියට ලඟා වී ඇති බව පෙනී යයි. මේ වන විට රජයේ අර්බුද උග්ර වී ඇති අන්දම කෙතරම් ද කියා පැවසුවහොත් අද ඒ තුළ ශ්රීබ ලංකා නිදහස් පක්ෂයේ සැබෑ උරුමකරුවන්ට තැනක් නොමැති තරම්ය. විශේෂයෙන්ම, ශ්රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගූ බණ්ඩාරනායකවරු පවා සතුරන් ලෙස සලකන එහි වත්මන් නායකයන්ට එරෙහිව එම පක්ෂයට ආදරය කරන සැබෑ පාක්ෂිකයන් වෙතින් ප්රලබල පීඩනයක් මේ වන විට එල්ල වෙමින් පවතී. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ උරුමය සහිත ඒ සැබෑ පාක්ෂිකයන්ගේ ඉල්ලීම් කෙරෙහි සංවේදී වනවා වෙනුවට දැන් මේ රජයේ ඉහළ තැන්වල සිටින සමහරු උත්සාහ කරමින් සිටිනුයේ රටේ සෙසු පක්ෂවල සමගිය බිද දැමීමටය. එය තමන්ගේ ඇසෙහි ඇති පරාලය කෙරෙහි සැලකිලිමත් වනවා වෙනුවට අනුන්ගේ ඇසේ ඇති කෙන්ද දකිනවා වැනි ක්රිහයාවකි.
සංවර්ධනය යන සිංහල භාෂාවේ ඇති සුන්දර වචනයට මුවා වෙමින් සිදු වන නාස්තිය, දූෂණය හා කොමිස් ජාවාරම හැරුණු විට වර්තමානයේ රට තුළ රාජ්යව පාලනයක් සිදු නොවන තරම්ය. ප්රිවාහන, සෞඛ්යේ, අධ්යා පනය, නීතිය හා සාමය, ආර්ථිකය ආදී දෛනික ජන ජීවිතය හා සම්බන්ධ සෑම ක්ෂේත්ර්යකදීම මහින්ද රාජපක්ෂ පාලනය මේ වන විට බරපතල ලෙස කඩා වැටීමට ලක්ව තිබේ. ඒ සෑම ක්ෂේත්රයයකම පාහේ දැක ගත හැක්කේ මහජන නැගිටීම්ය. මේ තත්ත්වය වඩාත් සංකීර්ණ වනුයේ අන්තර් ජාතික වශයෙන් ද රජය ගිනි කන්දක් අභියස සිටින බැවිනි. සරලව පැවසුවහොත් ආණ්ඩුවේ බිඳ වැටීම දැන් ආරම්භ වී තිබේ. රටේ නාමධාරී දේශපාලන විචාරකයන් කිහිප දෙනෙකුම මෑත කාලයේ සදහන් කර තිබූ අන්දමට මේ මොහොතේ රට, පවතිනුයේ එක් අශීලාචාර යුගයක් අවසන් කර ශීලාචාර යුගයකට සංක්රදමණය වන අවස්ථාවක ය. 
රටක් ලෙස ශ්රීු ලංකාව මුහුණ දෙමින් සිටින මේ අවාසනාවන්ත තත්ත්වය කෙරෙහි ප්රනධාන වශයෙන්ම හේතූ වී ඇත්තේ රජයේ ඉහළ නායකයන්ගේ අත්තනෝමතික වගකීම් රහිත හැසිරීම් බව ප්රෙශ්න විරහිතය. මේ රජයේ ඉහළ නායකකාරකාදීන් සිතා සිටිනුයේ සහ ඔවුන් කටයුතු කරනුයේ ශ්රීන ලංකාව යනු තමන්ගේ පෞද්ගලික බූදලයක් ලෙස සලකාය. එම ආත්මාර්ථකාමී සිතුවිලි මත ක්රිනයාත්මක වෙමින් සිටින රජයේ ඉහළ නායකයින් තමන්ට දේශපාලන හිණිමගෙහි ඉහළට නැගීමට උදව් උපකාර කළ පුද්ගලයන් අමතක කරමින් ඔවුන්ට කුඩම්මාගේ සැලකිලි දැක්වීම එක් අතකින් පුදුමයක් නොවේ. බලයෙන් මත් වූ පාලකයෙකුගෙන් ඊට වඩා අහිංසක හැසිරීමක් අපේක්ෂා කළ නොහැකි තරම්ය. බලයෙන් මත් වූ විට තමන්ගේ මිතුරන් වුව පෙනෙනුයේ සතුරන් ලෙසය. 
බොහෝ දේ කරනවා ය කියමින් පුරාජේරු කථා පවත්වන, මාධ්ය සංදර්ශන පවත්වන වත්මන් රජය නොකරන ප්රරධානතම දේ වනුයේ නිසි ලෙස රටේ ආණ්ඩුකරණය නොකිරීමය. ජනතාවගේ සැබෑ ප්රරශ්න පිළිබදව සංවේදී වෙමින් ඒවාට පිළිතුරු සපයනවා වෙනුවට දිගින් දිගටම ඒවා නොසලකමින් කටයුතු කිරීම පිළිබඳව රටේ සාතිශය බහුතරයක් දෙනා තුළ අද ඇත්තේ දැඩි පිළිකුලකි. ඒ නිසාවෙන් රටේ බහුතර බලය කෙසේ වෙතත් තම අමාත්යද මණ්ඩලයේ බහුතරයකගේ සහාය නොලැබෙන තත්ත්වයකට වත්මන් ජනාධිපතිවරයා ඇතුළු මේ රජය පත්ව සිටිති. සමීපතමයන්ට පවා එසේ තම නායකයා පිළිබඳව විශ්වාසය අහිමී වෙද්දී රටේ සෙසු ජනතාවට එවැන්නකු පිලිබඳව තව දුරටත් විශ්වාසය තබා ගත හැකි ද යන්න ගැටළුවකි. 
මේ සියලු නිෂේදනාත්මක තත්ත්වයන් ඇති වීමට ප්රුධාන හේතුව විධායක ජනාධිපති ක්රුමය නැමැති දුෂ්ඨ ක්ර මය බව සුපැහැදිලිය. සහතිකවම, මෙය පුද්ගලයන් පිළිබඳ ප්ර ශ්නයක් නොව ක්රනමය පිලිබඳ ප්ර්ශ්නයකි. මීට වසර 23 කට ඉහත දී විධායක ජනාධිපති ක්රවමයේ ආදීනව පෙන්වමින් එය මේ රට තුළ තහවුරු කිරිමේ දී පුරෝගාමී වැඩ කොටසක් කළ ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණි දිසානායක මහත්වරු ඒ පිලිබඳව කථා කළේ මහින්ද රාජපක්ෂ නමැති ජනාධිපතිවරයෙකුව නොදැකය. 
ඒ නිසා, රටට පිළිලයක් වී ඇති මේ ක්රමමය අහෝසි කිරිම කාලීන අවශ්යපතාවයකි. මෙය අහෝසි කළ යුතුය යන සටන් පාඨය අද ශක්තිමත් මතයක් ලෙස රට තුළ තහවුරු වී ඇත. විශේෂයෙන්ම රජය නියෝජනය කරන එහි හවුල්කාර පක්ෂ පවා මේ ක්රිමය අහෝසි කළ යුතුය යන ස්ථාවරයට අද පැමිණ සිටිති. එබැවින් ඒ හඩට කන් දීම සංවේදි පාලකයෙකුගේ යුතුකමකි. තව තවත් බලයට ලොල් වීම වෙනුවට ජනතා හඩට කන් දී මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම සියළු දෙනාගේම වගකීමකි. 
මීලඟ ජනාධිපතිවරණය ජයගන්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂය ද නොඑසේනම් එක්සත් ජාතික පක්ෂය ද යන කාරණය රටට වැදගත් නොවේ. අනිවාර්යයෙන්ම එහිදී ජයග්රලහණය කළ යුත්තේ අප ආදරණීය මාතෘ භුමියයි. මේ රටට කොඩිවිනයක්, ව්ය්සනයක් වූ මේ ජනාධිපති ක්රහමයට සමු දීමට එක්සත් ජාතික පක්ෂය ලෙස අප ස්ථිරවම සූදානම්ය. පුද්ගලයෙකුට, තමන්ගේ පවුල පමණක් පෝෂණය කිරිමට ඉඩ සලසන මේ දූෂිත ක්රරමයට තිත තැබීමට අප සූදානම්ය. ඉදිරි ජනාධිපතිවරණයක දී රටේ ඡන්ද දායකයන්ට තීරණය කිරීමට ඇත්තේ සුළු දෙයකි. ඒ, වඩා වැදගත් වනුයේ රට ද, පවුල ද යන්න පමණි. 
2014. 05. 28

 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Page 6 of 115

Fetured Themes



Party Theme Song


PopUp MP3 Player (New Window)

Leader's Theme Song


PopUp MP3 Player (New Window)
Copyright © 1946 - 2014. United National Party. Designed by Acelabs.org