Tuesday May 21, 2013
News Feeds:
හොර බඩු රට තුළට රැගෙන එමින් ආණ්ඩුව මුළු රටම අගාධයකට ඇද දමා තිබෙනවා - තිස්ස අත්තනායක PDF Print E-mail

නව ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන කථිකාව ලබන 29 වැනි දා ආරම්භ කරනවා. ජනතාවගෙන් උදුරා ගත් පරමාධිපත්‍යය යළි ජනතාව සතු කිරීම මෙහි මූලික අරමුණයි. ජනතාවගේ පරමාධිපත්‍යය අහුරමින් ඒකාධිපති ස්වරූපයෙන් ක්‍රියාත්මක කරන ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳවත් මහජනතාව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය. රාජගිරිය ජාතික වතු කම්කරු සංගම් ශාලාවේදී අද (21) පැවති මාධ්‍යය හමුවකදී ඔහු මේ බව පවසා සිටි අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.
Read more...
 
මේ ආණ්ඩුව ගෙදර යැවීමට ජනතාව පෙළගැස්සවිය යුතුයි - රනිල් වික්‍රමසිංහ මැතිතුමා PDF Print E-mail

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1970 දී ගොඩනැගූ ආණ්ඩුව ජනතාව එදා හැදින්වූයේ හත් අවුරුදු ශාපය ලෙසයි. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එම ආණ්ඩුවේ තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කළ අතර අවුරුදු 13 ක් වූ නිදහස් අධ්‍යාපන ක්‍රමය එම ආණ්ඩුව යටතේ අවුරුදු 11 කට සීමා කෙරුණු බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැවසීය. එතුමා මේ බව පැවසූයේ අද (20) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ සන්නිවේදන බලකා විශේෂ පුහුණු වැඩමුළුවේදී අදහස් දක්වමිනි. එහිදී එතුමා මෙසේද පැවසීය.
Read more...
 
මේ රටේ ඡන්ද පොළවල් 15,000 ක ඉන්න පුළුවන් එකම පක්‍ෂය එක්සත් ජාතික පක්ෂයයි - රනිල් වික්‍රමසිංහ මැතිතුමා PDF Print E-mail
අපේ සංඝරත්නය අපට ආශිර්වාද කර පිරිත් සඡ්ඡායනය කළත් තව කෙතරම් කාලයක් මෙසේ මහ සංඝ රත්නයට සිය කැමැත්ත පරිදි පිරිත් සඡ්ඡායනය කර ආශිර්වාද කිරීමට හැකිවේ දැයි අප කවුරුත් දන්නේ නැහැ. ඊට හේතුව ඉදිරියේ දී පිරිත් සඡ්ඡායනය කිරීමට මහ සංඝ රත්නය ආණ්ඩුවේ අවසර ගත යුතු යැයි කියා තව නියෝගයක් පැනවීමට ඉඩ තිබෙන නිසා බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැවසීය. එතුමා මේ බව පැවසූයේ පසුගියදා පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේදී පැවති පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමිනි. එහිදී එතුමා මෙසේද පැවසීය.
Read more...
 
රාජපක්‍ෂ රෙජිමයට සහයෝගය දෙනවා කියන්නේ ජනතාවට ද්‍රෝහි වෙන එකයි - රනිල් වික්‍රමසිංහ මැතිතුමා PDF Print E-mail

දුෂණය, භීෂණය සහ මර්දනයට විරුද්ධව ජනතාව ඒකරාශී වීම ගැන බයවෙලා, ඒ එකතු වීම නිසා තමන්ගේ ආයු කාලය අවසන් වීම ගැන අන්ද මන්ද වෙලා, දැන් රාජපක්‍ෂ රෙජිමය ෙදාඩවන්න පටන් ගෙන තියෙන බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැවසීය. එතුමා මේ බව පැවසූයේ පසුගියදා ආනමඩුව ආසනයේදී පැවති පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක්වෙමිනි. එතුමා එහිදී මෙසේද පැවසීය.
Read more...
 
Government is afraid they will lose the Northern Province election - UNP Gen. Sec PDF Print E-mail
The Working Committee of the United National Party which convened on the 13th at Sirikotha took several decisions with regard to party organizational work. Accordingly the appointment of 7 new electoral organizers and 2 district organizers were approved at the meeting.
Read more...
 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Page 1 of 39
Copyright © 1946 - 2013. United National Party. Designed by Acelabs.org