Tuesday May 21, 2013
News Feeds:
ජාතික සේවක සංගමය PDF Print E-mail
1956 එක්සත් ජාතික පක්ෂය ලබන පරාජය පිළිබඳ දීර්ඝ විමර්ශනයක යෙදුණු එවකට පක්ෂයේ උපසභාපතිවරයෙකුවූ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමා දේශපාලන පක්ෂයක ස්ථාවරය සඳහා කම්කරු පන්තියේ දායකත්වය මැනැවින් වටහාගත්තේය.
ඒ අනුව 1959 වසරේ ජූනි මාසයේදී නැෂනල් එම්ප්ලොලයිස් යූනියන් නමින් යුතුව ආරම්භ කරන ලද වෘත්තීය සංගමය පක්ෂයේ ප්‍රථම වෘත්තීය සංගමය වූ අතර එය 1960 මැයි මස 1 වන දින සිය ප්‍රථම මැයි දින උත්සවය ඉතා සාර්ථකව කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වීය.
කෙසේ වුවත් 1967 ජූනි මස 17 වන දින ජාතික සේවක සංගමය යනුවෙන් ලියාපදිංචි වන එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සංගමය එතෙක් මෙතෙක් මෙරට දැවැන්තම වෘත්තීය සමිතියක් බවට මේ වන විට පත්ව හමාරය.
මේ වන විට පුළුල් ක්ෂේත්‍රයන් ගණනාවක් කරා විහිද ඇති ජාතික සේවක සංගමය වෙනම වෙබ් අඩවියක්ද පවත්වාගෙන යනු ලබන www.jsstu.org අතර ඔස්සේ ඒ වෙත පිවිසිය හැකිය.
Last Updated on Wednesday, 15 February 2012 18:16
 
Copyright © 1946 - 2013. United National Party. Designed by Acelabs.org