| එක්සත් ලක්වනිතා පෙරමුණ |
|
|
|
|
"තොටිල්ල පදවන හස්තය ලොව පාලනය කරයි" යන වදන යථාර්ථයක් බවට පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය සෑම විටම උත්සාහ දරා ඇත. ඒ මෙරට ක්‍රියාත්මක වන අනෙකුත් දේශපාලන පක්ෂවලට වඩා කාන්තාවන්ට දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි අවස්ථාවක් ලබාදෙන පක්ෂය ලෙසයි.
මුලින්ම එක්සත් ජාතික පක්ෂයේ කාන්තා සංවිධානයක් ගොඩනැගෙන්නේ හිටපු පක්ෂයේ දෙවන සංවත්සරය පැවැත්වූ 1949 සැප්තැම්බර් 24 වන දිනයි. එහි අනුශාසක ධූරය පක්ෂයේ ප්‍රථම නායක මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාට හිමිවිය. එමෙන්ම එහි සමාරම්භක සභාපතිනිය ලෙස ඇඩ්ලින් මොළමුරේ මැතිණිය පත්විය. කෙසේ වුවත් ඉන් අනතුරුව මෙම කාන්තා පෙරමුණ තවදුරටත් ශක්තිමත් 1976 වසරේ මැයි මස 8 වන දින එවක පක්ෂ නායක ජේ.ආර් ජයවර්ධන මැතිතුමා විසින් සමස්ත ලංකා කාන්තා පෙරමුණ ලෙස ප්‍රතිසංවිධානය කළේය. නිල බලයෙන් පක්ෂ නායකයා එහි සභාපතිවරයාවූ අතර රාණි අධිකාරී, සෝමා තලගල, ශ්‍රීලා ජයකොඩි යන මහත්මීන් උපසභාපතිවරියන් ලෙසද නන්දා විජේසිංහ මහත්මිය ලේකම්තුමිය වශයෙන්ද එහිදී තේරී පත්විය. 1977 එක්සත් ජාතික පක්ෂයේ විජයග්‍රහණයට සුවිශාල දායකත්වයක් ලබාදුන් සමස්ත ලංකා කාන්තා පෙරමුණ එක්සත් ජාතික පක්ෂ රජයේ කටයුතු වලදීද අමිල සේවයක් ඉටු කළේය. 1994 වසරේ පක්ෂය ලැබූ පරාජයෙන් පසු නායකත්වයට පත් වර්තමාන විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා යළික් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ සමස්ත ලංකා කාන්තා පෙරමුණ "එක්සත් ලක්වනිතා පෙරමුණ" ලෙස ප්‍රතිසංවිධානය කරමින් බලමුළු ගැන්වූයේ පක්ෂයේ ප්‍රධානම සංවිධාන ජාලයක් ලෙසයි. ඒ අනුව 1995 දී එක්සත් ලක්වනිතා පෙරමුණේ පළමු සභාපතිනිය ලෙස හිටපු ඇමතිනී රේණුකා හේරත් මහත්මිය පත්වූ අතර ඇය 2001 වසර දක්වා එම තනතුර හෙබවීය. එම කාලය තුළදී රටවටා යමින් කාන්තාවන් පක්ෂයට ආකර්ශනය කරගත්තේ ජනාධිපතිවරියක් රට පාලනය කරමින් සිටියදීත් එක්සත් ජාතික පක්ෂය තුළින් කාන්තාවන්ට හා සමාජයට සිදුකරන සේවය පිළිබඳ හැඟීම ජනිත කරමිනි. ඉන් අනතුරුව කාන්ති කන්නන්ගර ඇතුළු සිවිල් සමාජයේ නායිකාවන් රැසක් එක්සත් ලක්වනිතා පෙරමුණට නායකත්වය ලබාදුන් අතර ඉන් අනතුරුව අමරා පියසීලී රත්නායක හිටපු අමාත්‍යවරිවය මෙන්ම පා.ම තලතා අතුකෝරාළ මහත්මියද ලක්වනිතා පෙරමුණේසභාපති ධූරයන් භාර ගනිමින් පක්ෂය හා මෙරට කාන්තාවත් වෙනුවෙන් සිදුකල කාර්යභාරය අතිමහත්ය. වර්තමානයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රීනී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපති තනතුර හොබවමින් සිටින අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ 21 වන සියවස ජයග්‍රහණය කල හැකි කාන්තාවක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමේ සැලසුම් සහගත භාරදූර කාර්යභාරයට ඇය මේ වන විට උරදෙමින් සිටියි. එක්සත් ලක් වනිතා පෙරමුණ මේ වන විට අරඹා ඇති වැඩපිළිවෙල හා ඉදිරි දැක්ම පිළිබඳ සැකසුණු වාර්තාවක් ඔබට පහතින් ලබාගත හැක. |
| Last Updated on Tuesday, 14 February 2012 18:59 |