|
එක්සත්
ජාතික පක්‍ෂයේ ජාතික යොවුන් පෙරමුණේ නිලවරණය
පසුගිය 6 දා ජයවර්ධනපුර කෝට්ටේ එක්සත් ජාතික
පක්‍ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්‍ෂ නායක
සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ
ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක
කරු ජයසූරිය, මහ ලේකම් තිස්ස අත්තනායක, ජාතික
යොවුන් පෙරමුණේ සභාපති අකිල විරාජ් කාරියවසම්
යන මහත්වරුන්ද සහභාගි විය.
දිවයිනේ සිවි දෙසින් පැමිණි යොවුන් පෙරමුණු
කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික සාමාජිකාවන් ගේ
රහස් ඡන්දයෙන් උප සභාපති වරු හත් දෙනෙක් සහ සම
භාණ්ඩාගාරිකවරු දෙදෙනෙක් තෝරා පත් කර ගන්නා
ලදි. ඒ අනුව පහත සඳහන් නිලධාරි මණ්ඩලය තේරි
පත්විය.
උප සභාපතිවරු
තිළිණ උඩුපෝරුව
ජෙහාන් ප්‍රනාන්දු
ප්‍රසාද් හෙට්ටිආරච්චි
චමිත් විරංග
ඉරේෂා මනෝහාරි
ඉනෝකා ප්‍රියදර්ශනි
නිලූෂි ඉසංකා
සම භාණ්ඩාගාරික
තුසිත රත්නායක
චාන්දනී කුමාරි බෝයගොඩ |